Friday, December 9, 2011
දස්කොන්ගෙන් ප්‍රමිලාට......
පුරහඳ මුහුණ සඟවා පපුතුරේ වෙළී
සුසුමක් උණුහුමට තවරා දෙතොලෙ රැඳී
ඉවසුම් නැතිව කොපුලත කඳුළක් තැවරී
සිල් සිත බිඳුණි සිටි නුඹ නමටම පේවී.....
තහනම් උණත් ප්‍රේමය නුඹ නමට බැඳී
දිවි දෙන්නට උණත් උපදින සසර යළී
අතහැර නොයමි යළි ඔබවම පතා එමී
කෙළෙසක බඳින්නද මන්මත් හිතට බැමී.......
රුව දුටු දිනම හදවත ඔබ වෙත යාවී
බැඳි පෙම නිසා යන්නට සිදු විය වෙන්වී
මම යන ගමන යළි එන්නට බැරි වේවී
හෙට සිට ඉතින් නුඹ තනි වෙනවා දේවී......
කඳුළැලි ගලනු දැක නුඹෙ නෙතඟට බෝවී
මගෙ හිත රිදෙනවා නුඹ තනි වෙන බව සිහිවී
ප්‍රමිලා නොහඬන්න පෙම්බර සීදේවී
උපදින මතු භවෙත් මම ඔබගෙමයි දේවී.......
Subscribe to:
Post Comments (Atom)
//ප්‍රමිලා නොහඬන්න පෙම්බර සීදේවී
ReplyDeleteඋපදින මතු භවෙත් මම ඔබගෙමයි දේවී.......//
හරිම ලස්සනයි....
ස්තූතියි හිතූ....හුඟාක්ම...
ReplyDeleteදස්කොන් මගේ සකි සඳ කෝ කොහිද ඔයා
ReplyDeleteසක්මන් මළුවෙ හඩනෙමි මම දෙදණ ඔබා
රහසින් වින්ද පෙම් සුව හද ගලෙහි කොටා
නික්මී ගියේ ඇයි ඉක්මන් ගමන් සදා
ස්තූතියි කාව්‍යා.... ලස්සනයි ඔයාගෙ කවිය..
ReplyDelete