Tuesday, December 6, 2011
අහිමි ප්‍රේමය....
කැළුම් දෙවමින් අසිරි විහිදන
නේක පැහැ විදුළි එළි මල් පිපෙන
උත්සව ශාලා කොණක ගිළිහුණ
ලිලී මල මම හොරෙන් වැළපෙන.....
නග්ගවා පෝරු පිට, තැලි පිළිද අන්දන
තෙමා දෑඟිලි රන් හුයෙන් බැඳ, මුඳු පළන්දන
මොහොත ඇවිදින් සුභ නැකත උදාවන
ඇතෙක් බර වස්තුවද ගෙන ඇය වඩින......
ආසිරිත් සිලෝ ගී පද ගැයෙන
දිස්න දෙන පාට එළි අතර, විසිරුණ
කැමරා එළිද වහ වහා දැල්වෙන
කිම අරුම මම මැරි මැරී විඳවන.....
හීනයක් සේ හිතේ කැටි වුණ
මතක හිත ආපස්සටම අද්දන
මගේ හිත දැවි දැවී විඳවන
නමුදු මම ඉමි සිනාසීගෙන....
ප්‍රේමයම මදි නිසා, ජීවිතේ ගෙනියන්න
ඇතෙක් බර වස්තුවත් අරන් ඔබවෙත එන්න
නොහැකි වූ නිසා මට සිදු වුණෙන් වෙන් වෙන්න
ඇය ඇවිත්, ඉඩ කඩම් දේපළත් ගෙන සොඳින.....
පතන්නම් පෙර සේම, උදාවන ඉදිරි දින
ලැබේවා නුඹෙ දිවියට සියළු දෙවි රැකවරණ
නොඒවා සෝ තැවුල් කිසි දිනෙක, හිත රිදෙන
වාසනා වී දිනේවා යුග දිවිය, අද උදාවන.......
Labels:
මගේ කවි සිතුවිලි
Subscribe to:
Post Comments (Atom)
හීනයක් සේ හිතේ කැටි වුණ
ReplyDeleteමතක හිත ආපස්සටම අද්දන
මගේ හිත දැවි දැවී විඳවන
නමුදු මම ඉමි සිනාසීගෙන...
මේක හරිම වේදනාකාරී මොහොතක් නෙවෙයිද??? :(
මේ වගේ දේවල් ඕනෙ තරම් වෙනවා. වේදනාකාරියි කියලා නෑ.ඉවසගන්ට වෙනවා. මේක මම ලිවුවෙත්, මගෙ යෙහෙළියක්, එයා කැම්පස් ගිය කාළෙ එයාගෙ යෙහෙළියකට සිද්ධ වුණ ඇත්තම සිදුවීමක් මට කිවුවට පස්සෙ , ඒ කතාව අහලයි..
ReplyDelete