Sunday, August 19, 2012
මලිත්තිගෙ මොන්ටිසෝරිය..
මලිත්ති ගෙදර ඉන්නෙ තනියම නිසා මලිත්තිගෙ අම්මා හිතුවා මලිත්තිව අවුරුද්දක් කලින්ම මොන්ටිසෝරියකට දාන්න. එතකොට මලිත්තිට යාලුවොත් හම්බ වෙනවා. දඟ වැඩත් ටිකක් අඩු වෙයි කියලා අම්මා හිතුවා. දවල්ට අම්මටත් ඉතින් මලිත්තිගෙ දඟ වැඩ වලින් දවල්ට වරුවක් හරි නිවාඩු ලැබෙනවනෙ...මලිත්තිත් උඩින්ම කැමති උණා මොන්ටිසෝරි යන්න. මොන්ටිසෝරියට මලිත්ති යවපු පළවෙනි දවසෙ අම්මා ටිකක්වෙලා මොන්ටිසෝරියෙම නැවතුණා මලිත්තිට තනියක් දැනෙයි කියලා. ඒත් මලිත්ති අම්මට කිවුවෙ ගෙදර ගිහින් හවස මොන්ටිසෝරි ඉවරවෙන වෙලාවට එන්න කියලා එයාව එක්කන් යන්න. අම්මත් ඉතින් හැමදාම උදේට මලිත්තිව මොන්ටිසෝරියට ඇරලුවා.හවස එක්කන් එන්න ගියා. මොන්ටිසෝරියක් කිවුවට ඒකෙ පන්ති තුනක් හතරක් තිබුණා. පන්ති වලට පන්තිභාර ගුරුවරියො වෙන වෙනම හිටියා.පන්ති සේරම භාරව ප්‍රධානාචාර්යවරියක් හිටියා. එයා සේරම ලමයි ගැන හොයලා බැලුවා.
මුල් සති කීපය ඒකාකාරිව ගෙවිලා ගියා.මලිත්තිට යාලුවොත් ලැබුණා. මොකුත් ප්‍රශ්නයක් ඇති නොවුණු එකට නම් අම්මටත් සතුටුයි.ඒත් එක දවසක් ..... පාඩම් වැඩ වලින් පස්සෙ ගුරුවරී පන්තියේ ලමයින්ට විවේකයක් දුන්නා පැය බාගෙක විතර. ඒ වෙලාවෙ ළමයින්ට කැමති දෙයක් කරන්න පුලුවනි.සමහරු චිත්‍ර ඇන්දා. සමහරු පිට්ටනියට පැනලා සීසෝ පැද්දා. ලිස්සන බෝට්ටුවෙ ගියා. ඉතින් මලිත්තිත් පිට්ටනියට බැහැලා යාලුවෝ එක්ක සෙල්ලම් කළා.විවේක කාළෙ ඉවර වෙන බෙල් එක වැදුණා.සේරම ළමයි පන්තිය ඇතුලට ගියා.මලිත්ති තාම පිට්ටනියෙ. ගුරුතුමී ටිකක් වෙලා බලාගෙන හිටියා මලිත්ති පන්තියට එයි කියලා. ම්හ්... මලිත්තිට ගානක්වත් නෑ එයා තනියම පිට්ටනියට වෙලා සමනල්ලු පස්සෙන් දුවනවා. බලන් ඉඳලා බැරිම තැන ගුරුතුමී මලිත්තිට කතා කළා.අම්මා ආදරේට මලිත්ති කියලා කිවුවට එයගෙ උප්පැන්න සහතිකේ තියෙන නම ෂෙනාලි නටාලියා කුමාරිහාමි ඩැනියෙල්ස්. කුමාරිහාමි කියන නම මලිත්තිට දැම්මෙ තාත්තා. ඒ මලිත්තිගෙ අම්මගෙ නම උත්පලා කුමාරිහාමි නිසා.
" ඉන්ටර්වල් එක ඉවරයි ෂෙනාලි. බෙල් එක ඇහුණෙ නැද්ද . එන්න ඉක්මනට පන්තියට .අපි චිත්‍ර අඳින්නයි යන්නෙ"
මලිත්ති කතාවක් නෑ.ඇහුණෙ නෑ වගෙ ඉන්නවා. ගුරුතුමී තව දෙතුන් පාරක් කතා කළා මලිත්තිට.ම්හ් වැඩක් උණෙ නෑ. මලිත්තිගෙ කණ ඇහෙන්නෙ නැතුවා වාගෙයි.බැරිම තැන ගුරුතුමී ගියා මලිත්ති ළඟට.
" ඔයාගෙ කන් ඇහෙන්නේ නැද්ද ෂෙනාලි? මම දැන් කී පාරක් ඔයාට කතා කළාද? එන්න පන්තියට."
ඒ පාර මලිත්ති උත්තර දුන්නා ටීචර්ට.
" මම ෂෙනාලි නෙවෙයි. මම අද නම වෙනස් කරා. මගේ නම ශෙරෝන් "
ශෙරෝන් කියන්නේ මලිත්තිගෙ යාලුවගෙ නම. ගුරුතුමීට හිනා යන්න ආවත් හිමීට මලිත්තිගෙ අලුත් නමින්ම මලිත්තිට කතා කරලා එයාව පන්තිය ඇතුලට ගන්න ගුරුතුමීට පුලුවන් උණා.
එයා ඒ බව මලිත්තිව හැන්දෑවෙ එක්කන් යන්න ආපු මලිත්තිගෙ අම්මට කිවුවෙ හිනා වෙවී..
Labels:
මලිත්තිගේ කතන්දර
Subscribe to:
Post Comments (Atom)
මගුලියි නම වෙනස් කලාම ඇහෙන්නෙ නැහැනේ
ReplyDeleteඈ.....
ReplyDeleteඇත්ත නේන්නම්.... ශෙරෝන්ට ෂෙනාලි කියල කතා කළාම ඒවියැ.... හික්ස්....
ReplyDeleteහි හි.......මටත් හිනා මේ කතාව අහලා :) නියමයි යාලු :)
ReplyDeleteනම වෙනස් කලහම ඒ කෙනා නෙමෙයි නේ.. ඉතින් වෙන කෙනෙක් ඇතුලට එන්නේ මොකෑ.. :)
ReplyDeleteඅපෙ පැංචිගේ වැඩත් ඔය වගෙයි ඕං.....!
ReplyDeleteමාරම නම් වෙනස් කිරීමක් තමා.. හික්ස්ස් :)
ReplyDeleteහිහිහී.. පුංචි හිත් වල පුංචි ලෝකය..! වෙන කාටද වගේ ඉන්න ඇති.. මැවිලා පේනවා..
ReplyDeleteකාලෙකින්..! තරු අරුන්දතී.. :)
පොඩි කාලේ මමත් මගේ නම වෙනස් කරගෙන තියෙනවා. :)
ReplyDelete@ sAm
ReplyDeleteඔවුනෙ ටීචර් ඒක දැනගෙන ඉඳලා නෑනේ... :D
@ තරුවා
:)
@ Miyuru
ඒකනෙ කියන්නේ :D
@ හිරුහිමාවි
තැනට සුදුසු නුවණ....
@ මධු
ඒකනෙ කියන්නේ...:D
@ Sarath chandrasiri
පොඩි අය කරන හුඟක් දඟ වැඩ එක වගේ නේද?
@තොටියා
පුංචි අයට විතරයි ඒවා පුලුවන්....
@ නන්ඳු
ඔව් නන්ඳු වෙලාව හුඟක් අඩුයි දැන් එන්න ලැබෙන....
@ ළහිරු
ඔයත් මේ වගේ දඟද පොඩි කාලේ?
නියමයි..
ReplyDeleteඑයත් හරි දඟ මල්ලක් වගේ නේද තරූ
ReplyDelete@ නරුමයා.
ReplyDeleteස්තූතියි...
ඔයාව සාදරයෙන් පිළිගන්නවා.
@ මුතුපබළු
එයත් කියන්නේ කවුද මුතූ.... :D
@ මුතු පබළු
ReplyDeleteදැණුයි මීටර් උණේ... ඔයා වගේ නේද? :D :D
මම දවසක් අම්මගේ නම වෙනස් කළා... :)))
ReplyDeleteමේ මලිත්තිගේ අම්මත් ඔහොම වෙන්න ඇති නේද... හික්ස්
ReplyDeleteපට්ට කතාව.
ReplyDelete