Wednesday, January 11, 2017

හැර ගියේ මමයි - එනමුදු කඳුල මටමයි..



මුහුණුපොතේ මිතුරි‍යක් , කිවිදියක් , වන නධීරා කුරුප්පු දිසානායක සොයුරියගේ ඉල්ලීමක් පරිදි ඇගේ කවියක් මෙහි පල කරනවා..කියවලා අදහස් කියන්නකෝ



හැර ගියේ මමයි - එනමුදු කඳුල මටමයි..

පහනක් වී දැල් වෙන්නට සිතුවා

සුළගක් වී දැවටෙන්නට සිතුවා

කවියක් වී රස දෙන්නට සිතුවා

පැතුමක් වී පිබිදෙන්නට සිතුවා......



පහන අඳුරු යැයි කීවේ නුඹමයි

සුලඟ සීත යැයි කීවේ නුඹමයි

කවිය තාල නෑ කීවේ නුඹමයි

පැතුම් පළක් නෑ කීවේ නුඹමයි......



මගෙ සෙනෙහස නෑ නුඹ නෙත දුටුවේ

මගෙ හදවත නෑ නුඹට වැටහුනේ

මම විඳි දුක නෑ නුඹ සිත පෙළුවේ

මා හද අසරණ කෙරුවෙ නුඹම නේ......



නුඹ ලඟ සිටියත් හදවත හැඩුවා

සීතල සෙනහස නිති සිත තැවුවා

නුඹ හැර ගියමුත් හදවත රවටා

නුඹ සිහි කර කර හදවත හැඩුවා....



මා නැති ලොව මිහිරිය කී දින නුඹ

දිරි ලැබුණා නුඹ අතහැර යන්නට

යළිත් මවෙත දුක් ගී ලියමින් තව

හඩනු එපා මා සිත මුසපත් කර ...

නධීරා කුරුප්පු දිසානායක

No comments:

Post a Comment