Wednesday, December 7, 2011

ප්‍රමිලා දේවියගෙන් දස්කොන් අධිකාරමට.............


සබඳ නුඹ දස්කොන් සකී
බිසෝ ප්‍රමිලා මම වෙමී
ප්‍රේමයද තහනම් වදනකී
නමුත් කෙළෙසක හැඟුම් සිඳිනෙමී.....


හොර රහසේ බඳි ප්‍රේමය ලොවට වැහී
අඳුරු ලොවට සඳ එළියක් වගේ වුණී
අහිමිව ගියා නුඹ හිමි වූ එක සැනිණී
ප්‍රේමය විස වුණිද දස්කොන් හිමි සඳුනී.........


නුඹ හන්දා උණු කඳුළැල් ගලනු දැනී
මතකය මවයි උණුසුම අපි එක්ව විඳී
සක්මන් මළුව පාළුයි අද නැතුව අපී
මං හින්දා දිවි දෙනවද අහිමි හිමී........?

2 comments:

  1. හරිම අපුරුයි.... හරිම අපුරුයි.....

    ReplyDelete
  2. බොහොමත්ම ස්තූතියි...

    ReplyDelete