දුක්බර මැදියමක.........
මැදියමේ හිනැහෙන සරා සඳ
කිමද මේ දුකකින් වගේ අද
මලානික වී නුඹේ රැස් කඳ
සීතලයි වෙනදට වඩා අද.....
තරු පොකුරු හිනැහුනේ නැතුවද
හිරු කුමරු අද අහක බැළුවද
රාත්‍රිය මැද තනියි සිතුනද
කොඳ කැකුළු අමතකම කෙරුවද......
සීතලම සඳ එළිය බෙද බෙද
සඳත් හෙමිහිට වැළපෙන සඳ
සොමි ගුණය රැඳි සුමුදු මුදු සඳ
වළා සේළෙන් කුමට වැහුවද
සුදුමැළිව සැංගිලා නොම හිඳ
විදා මුදු සඳ එළිය බිඳ බිඳ
කුමුදු මල් වල සුවඳ විඳ විඳ
හිනැහියන් පෙර ලෙස සරා සඳ......
එදාට වඩා අද වෙනස් වීමේ හේතු කිම. මම් ඇහුවේ කවි පංතිය ගැන !!!
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් !
වෙනදා වගේම අපූරුයි අරුන්දතී!!! ඔයාට කවි ලියන්න තියෙන්නෙ හොද හැකියාවක්නෙ..
ReplyDeleteලස්සනයි..
ReplyDeleteගොඩක් දෙනා කවි ලියනවා තමන්ගේ බ්ලොග් වල.එත් ඒවා ගොඩක් වෙලාවට අව්‍යාජ අදහස්.කවියක් කියන්නේ ඊට වෙනස් දෙයක් මම දකින විදියට.මම අද මේ දැක්කෙත් ඒ විදියේ වෙනස් සැබෑ කවියක්!
ReplyDeleteසුබ පැතුම්!:)
පින්තුරෙ හඳේ නං හරියට ආවාට
ReplyDeleteකෙල්ල නං ලස්සනයි
කවි වල නං හොඳ නරක කියන්න තරං දැනුමක් කවි ගැන නෑ
"කුමුදු මල් වල සුවඳ විඳ විඳ
ReplyDeleteහිනැහියන් පෙර ලෙස සරා සඳ......"
ගොඩක් ලස්සන කවි සිතිවිල්ලක් තරූ.. :)
@ මධු
ReplyDeleteහැමදාම එක වගේ නෑනේ...:D
@ හිතූ
මුරුංගා අත්ත හය්යෙන් අල්ල ගන්නම් :P :P
ස්තූතියි හිතූ.........
@ දිනේශ්
ස්තූතියි හුඟාක්...
@ නුවන්
ඔයාටත් හුඟාක් ස්තූතියි....
@ ඔබ්සර්වර්
මේ පැත්තට ආව එකත් මට සතුටක්. ස්තූතියි..
@ නන්ඳු
හුඟාක් ස්තූතියි ඔයාටත්......
හැමදාම හිනැහෙන හඳ එක දවසක් මලානික වුනාට කමක් නෑ කියලයි මට හිතෙන්නේ. නැත්තම් අගයක් නෑනේ.. (ඔයාගේ කවි ගොඩක් ලස්සනයි.)
ReplyDeleteස්තූතියි පැතුම්.........
ReplyDelete//හිනැහියන් පෙර ලෙස සරා සඳ....// ලස්සන කවි පංතිය.
ReplyDeleteජයෙන් ජය..
අද තමයි මුලින්ම ඔයාගෙ බ්ලොග් එකට ගොඩ වැදුනෙ. මේක තමයි මගෙ ආසම කවිය...
ReplyDeleteස්තූතියි උමා......ආදරයෙන් පිළිගන්නවා ඔයාව..
ReplyDeleteඔයාටත් ස්තූතියි අසාර්..
ReplyDelete