Monday, February 6, 2012

දුක්බර මැදියමක.........






















මැදියමේ හිනැහෙන සරා සඳ
කිමද මේ දුකකින් වගේ අද
මලානික වී නුඹේ රැස් කඳ
සීතලයි වෙනදට වඩා අද.....


තරු පොකුරු හිනැහුනේ නැතුවද
හිරු කුමරු අද අහක බැළුවද
රාත්‍රිය මැද තනියි සිතුනද
කොඳ කැකුළු අමතකම කෙරුවද......


සීතලම සඳ එළිය බෙද බෙද
සඳත් හෙමිහිට වැළපෙන සඳ
සොමි ගුණය රැඳි සුමුදු මුදු සඳ
වළා සේළෙන් කුමට වැහුවද


සුදුමැළිව සැංගිලා නොම හිඳ
විදා මුදු සඳ එළිය බිඳ බිඳ
කුමුදු මල් වල සුවඳ විඳ විඳ
හිනැහියන් පෙර ලෙස සරා සඳ......

13 comments:

  1. එදාට වඩා අද වෙනස් වීමේ හේතු කිම. මම් ඇහුවේ කවි පංතිය ගැන !!!
    ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  2. වෙනදා වගේම අපූරුයි අරුන්දතී!!! ඔයාට කවි ලියන්න තියෙන්නෙ හොද හැකියාවක්නෙ..

    ReplyDelete
  3. ගොඩක් දෙනා කවි ලියනවා තමන්ගේ බ්ලොග් වල.එත් ඒවා ගොඩක් වෙලාවට අව්‍යාජ අදහස්.කවියක් කියන්නේ ඊට වෙනස් දෙයක් මම දකින විදියට.මම අද මේ දැක්කෙත් ඒ විදියේ වෙනස් සැබෑ කවියක්!
    සුබ පැතුම්!:)

    ReplyDelete
  4. පින්තුරෙ හඳේ නං හරියට ආවාට

    කෙල්ල නං ලස්සනයි

    කවි වල නං හොඳ නරක කියන්න තරං දැනුමක් කවි ගැන නෑ

    ReplyDelete
  5. "කුමුදු මල් වල සුවඳ විඳ විඳ
    හිනැහියන් පෙර ලෙස සරා සඳ......"

    ගොඩක් ලස්සන කවි සිතිවිල්ලක් තරූ.. :)

    ReplyDelete
  6. @ මධු

    හැමදාම එක වගේ නෑනේ...:D

    @ හිතූ

    මුරුංගා අත්ත හය්යෙන් අල්ල ගන්නම් :P :P
    ස්තූතියි හිතූ.........

    @ දිනේශ්

    ස්තූතියි හුඟාක්...

    @ නුවන්

    ඔයාටත් හුඟාක් ස්තූතියි....

    @ ඔබ්සර්වර්

    මේ පැත්තට ආව එකත් මට සතුටක්. ස්තූතියි..

    @ නන්ඳු

    හුඟාක් ස්තූතියි ඔයාටත්......

    ReplyDelete
  7. හැමදාම හිනැහෙන හඳ එක දවසක් මලානික වුනාට කමක් නෑ කියලයි මට හිතෙන්නේ. නැත්තම් අගයක් නෑනේ.. (ඔයාගේ කවි ගොඩක් ලස්සනයි.)

    ReplyDelete
  8. ස්තූතියි පැතුම්.........

    ReplyDelete
  9. //හිනැහියන් පෙර ලෙස සරා සඳ....// ලස්සන කවි පංතිය.

    ජයෙන් ජය..

    ReplyDelete
  10. අද තමයි මුලින්ම ඔයාගෙ බ්ලොග් එකට ගොඩ වැදුනෙ. මේක තමයි මගෙ ආසම කවිය...

    ReplyDelete
  11. ස්තූතියි උමා......ආදරයෙන් පිළිගන්නවා ඔයාව..

    ReplyDelete
  12. ඔයාටත් ස්තූතියි අසාර්..

    ReplyDelete