හීනයක් වගෙ ඇවිත් හොරෙන් එබිකම් කෙරුව
විශ්මයක් ඇත්තටම මගෙ දිවිය හැඩ කෙරුව
රැව්දෙවන සිනා හඬ, දෙමින් සුරතල් පෑව
මල් කැකුළ නුඹ තමයි මුදු සුවඳ ගෙන ආව........
කවි සිංදු පබඳිමින් විහඟුන්ට අත වනන
චිත්ර පොත පුරාවට නේක සිතුවම් අඳීන
වචනයක් වැරදුණත් කඳුළු දෙකොපුල් තෙමන
සුදු දුවේ නුඹ තමයි දිව ඔසුව හිත නිවන.............
කෝලමට කවි කියා අම්මාව නිඳි කරන
පුංචි පා බිම තබා ගීත නාදෙට නටන
හිනැහෙමින් ගේ පුරා සෙල්ලමට වගෙ දුවන
මඳ පවන නුඹ තමයි හිතට සැනසුම ගේන................
දකින හැම දේ ගැනම කෝටියක් දේ අසන
අම්මාට තුරුළු වී හුරතලෙන් දඟ කරන
දුක් කඳුළු මැද වුණත් හදට සැනසුම ගේන
මගෙ දුවේ නුඹ තමයි අපෙ ගෙදර මිණි පහන...........
ලස්සන කවි පෙලක්.. ඒ වගේම පුංච් දූත් ලස්සනයි..
ReplyDeleteදරු සෙනෙහස අපූරුවට කියනවා.. ගොඩක් ලස්සනයි
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDeleteහරිම ලස්සනයි අක්කේ.. මටත් ඉස්සර තාත්ති එහෙම කියුවා මගෙ දුවේ නුඹ තමයි අපෙ ගෙදර මිණි පහන කියලා
ReplyDeleteහරිම ලස්සන සිතිවිල්ලක්
ReplyDeleteලස්සන කවි පෙළක්...චුට්ටි කෙලි පොඩ්ඩ හුරතල්...:D :*
ReplyDelete@ dinesh
ReplyDeleteස්තූතියි දිනේශ්...
@ පැතුම්
ස්තූතියි ඔයාටත්...
@ මධූ
ස්තූතියි යාළු...
@ වර්ණා
දුවලා කොහොමත් ගෙදර එළිය කරනවා කියනවනේ...ස්තූතියි....
@ පුංචි කුමාරිහාමි
ස්තූතියි ඔයාටත්...
@ හිතූ
ස්තූතියි හිතූ හුඟාක්....
ම්ම්ම්... ලස්සනයි!
ReplyDeleteඅම්මා කෙනෙක්ගෙ ආදරේ ලස්සනට කවියකට ගෙනල්ලා තියෙනවා... දූ ත් හරිම ලස්සනයි...
ReplyDeleteකවියෙන් ගොඩාක් තේරෙනවා ඔයා දූට කොච්චර ආදරේද කියල.ඒ දේ මේ කවිවලින් විස්තර කරන බැහැ නේ?
ReplyDeleteහරිම ෂෝක් චූටි දුවෙක්... දුවත් ලස්සනයි කවියත් ලස්සනයි...
ReplyDelete@ ලහිරු
ReplyDeleteස්තූතියි හුඟාක්...
@ තාරා
ස්තූතියි තාරා... මේ පැත්තේ ආවටත් ස්තූතියි...
@ අසරණයා
දුව තමා මගෙ පණ.. ස්තූතියි මේ පැත්තේ ආවට..
@ ශානි
ස්තූතියි ඔයාටත්.....
පොඩ්ඩ හරි හුරතල් පාටයි...ලස්සනයි අක්කේ මේ කවි පේළි වගේම අක්කගෙ පොඩ්ඩත්...
ReplyDelete@ සිහින මතකයන්
ReplyDeleteහුඟාක් ස්තූතියි මල්ලි.... මේ පැත්තට ගොඩවුණාටත් ස්තූතියි.....
අම්මගෙ ආදරේ කොච්චරක්ද,අපිට කවදා තේරෙයිද?ලස්සනයි...
ReplyDeleteහරිම ලස්සන කවි පෙළක්...
ReplyDeleteඅම්මගෙ ආදරය දුවට දැනෙන නිසයි දුවත් මේ තරම් ලස්සන.
Blog 1ට ආවම මුලින්ම දැක්කේ මේ කවිය.
හිතනට සැනසීමක් ගෙනෙන කවි පෙළක්...
@ විමුක්ති..
ReplyDeleteබොහොම ස්තූතියි ඔයාට...
@ නෙත්පානි
හුඟාක් ස්තූතියි නෙතූ... සාදරයෙන් පිළිගන්නවා මගෙ බ්ලොග් එකට
@ වර්ශා
ReplyDeleteකෝ ඔයාගෙ බ්ලොග් එක? මට හොයාගන්ට බෑනේ.....
Lovely ...
ReplyDelete@ Bindi
ReplyDeletethank you akka.....