Thursday, January 26, 2012

රෑ මනමාලියකගේ පාපොච්චාරණය.......















බිං කළුවර ගෙට එනකොට ගෙට ඇදෙනා මතැත්තූ
රෑ යහනත තුරුලත හිඳ රස මීවිත කැළැත්තූ
උදෑසනම ලොවට බියෙන් මා හැර ගිය නැණැත්තූ
දිවා කළට නාඳූනන ලෙස මගෙ හදවත කෙණිත්තූ....


රෑ යහනත නිදි වරමින් හීන පවා වැළැක්කූ
යහනට ගොඩ වෙති මහතුන් හිත මත් බව රැගත්තූ
කළඹා තුණු රස විඳිමින් සිත කය දෙක සැතැප්පූ
මහත්වරුන් සුපුරුදු ලෙස , රඟ පා ලොව රැවැට්ටූ....


අඩ බැල්මෙන් මහ මඟ හිඳ යන එන දන නැවැත්තූ
දිවිගෙනයන්නට මුදලට , යහනත රස කැළැත්තූ
කුළියට ඇඟ මස ඉල්ලන දන හා පෙම් පැවැත්තූ
මගෙ වරදම හඬගා ලොව කියා පාති උගත්තූ........

5 comments:

  1. තිත්ත ඇත්තක්.. හරිම අපූරුවට ලියලා අරුන්දතී!!! ඔයා කවිනම් ලියනවා පුදුම ලස්සනයිනෙ...:D හරිම ලස්සනයි!!!

    ReplyDelete
  2. කතාව සහතික ඇත්ත !!
    මේ කවි ටික කියෙව්වම මතක් වෙන්නේ අමරසේකර පීරිස් මහත්තයාගේ 'ලඳුනේ ' කියන සිංදුව

    ReplyDelete
  3. @ හිතූ..
    ස්තූතියි.... මාව මුරුංගා අත්තෙන් බිමට වැටේවිද මන්දා... :D :D


    @ මධුරංග
    මමත් ආසම කරන සින්දුවක් ඒක....

    ReplyDelete
  4. හරිම ලස්සනයි තරු..... ඊයම්බරු වගේ පපුව ඇතුලට බරටම දැනෙන්න ලියල තියනවා.....

    ReplyDelete
  5. ස්තූතියි ඔයාටත් මීගොඩයා...

    ReplyDelete