Thursday, January 19, 2012

සරෝජා 03


"එයා සිරිමලී නේ මිස්"


සරෝ මුකුත් කියන්නත් කලින්ම මැද්දට පැන්නෙ මහේෂ්. 


" නෑ නෑ එයා සින්ඩරෙල්ලා" මෙහෙන් රවිඳු කෑ ගහනවා. ටීචර්ට හොඳටම කේන්තියි.


"හරි, හැමෝම තමන්ගෙ ගැන මට කියන්ට.ඔයාලට උගන්නන්ට කලින් මම ඔයාලව අඳුනගෙන ඉන්ට ඕනෑ."


ටීචර් කිවුවෙ තරහ පෙන්නන්නේ නැතුව. " අපි ඔය පිටිපස්සේ පේළියේ කොණේ ඉඳන් පටන් ගමු. කියන්ට ඔයාගෙ නම"


සරෝ වාඩි උණා.අසංක නැගිට්ටා. " මක්කේ " කොල්ලෝ එක එකපාරම කෑ ගැහුවා. අසංකට "මක්කේ" කියලා නම හැදුණේ A/L කරන්ට ආව අළුතම සුදුහුම්පළ ශාලාවෙ ටියුෂන් පන්තියෙදි. උගන්නන සර් ටිකක් සැරයි. පාඩමෙන් අවධානය වෙන තැනකට යවනවට එයා කැමති නෑ. දවසක් ක්ලාස් එක වෙලාවෙ අසංක බිම බලාගෙන ඩෙස්ක් එක යට මොකක්ද හොයනවා. සර් ටිකක් බලාගෙන හිටියා. නවතින පාටක් නෑ. නෝට් ලියන අතරෙදිත් අසංක තාම බිම බලාගෙන. සර් බලන් ඉන්න බව රවිඳු දැක්කා.


නවත්තපං ඕක. උඹ මොනාද හොයන්නේ? සර් බලන් ඉන්නේ" රවිට කියලා කට ගන්න ලැබුණේ නෑ.


"නැඟිටිනවා ඔය ලමයා... මොනාද හොයන්නේ?"
සර් ඇහුවෙ මයික් එකෙන් මුළු පන්තියටම ඇහෙන්න. ඒ විතරක් නෙවෙයි සර් මයික් එකත් අරන්ම ඇවිත් අසංක ලඟ හිට ගත්තා.


A/L කරන්න ආව අළුතමනෙ අසංකට බයටම ගොත ගැහුණා.


" ම... මක්කේ සර්...."


අසංක හය්යෙන්ම නොකිව්වුවට සර්ගෙ මයික් එකෙන් ඒ කියපු එක මුළු පන්තියටම ඇහුණා.


ආයෙ ඉතින් කියන්න දෙයක් තියෙයි යෑ. මුළු පන්තියම හිනා කට කපලා එකයි. සර්ටත් හිනා. සර් අසංකට අවවාද කරලා ඒක එතනින් ඉවර කළාට අසංකගෙ නම එදා ඉඳන් "මක්කේ" උණා. අසංක මක්කේ කියලා කිවුවෙ මකන කෑල්ලට. එහෙම නැත්නම් සිංහලෙන් ඉරේසර් එකට.


ඒක මතක් වෙලාද කොහෙදෝ ලමයි ටික ආයෙත් හිනා වෙන්න පටන් ගත්තා. ටීචර් ඒවා ඇහුනේ නෑ වගෙ එක එක ළමයගෙ නම් විතරක් අහගෙන අහගෙන ගියා.


ඊලඟට නැගිට්ටේ කුමාරි. නම කුමාරි උණාට හම නම් හද්දා කළුයි. නුවර කෙල්ලක් නෙවෙයි වගේ.ඒත්  කුමාරි නුවර වලව් පවුලක දඟ කෙල්ලක්. ඇඟ එහෙමත් හරි හැඩයි.කට තමා ටිකක් සැර. කුමාරිහාමි කියන නම කෙටි කරලයි ලමයි එයාට කුමාරි කිවුවේ
ඒත් ඉතින් හමේ පාට ටිකක් කළු නිසා කට කැඩිච්ච කොල්ලෙක් දෙන්නෙක් කුමාරිට විහිළු කළත් කුමාරිත් ඒකට කැපෙන උත්තරයක් දීලා හිනා උණා.


" ආ එයාගෙ නම මිස් මුරූ."
එක කොල්ලෙක් කෑ ගැහුවා.ඔයාලට මතකද මන්දා මුරූ. ඈන් එහෙම අපේ පුංචි පන්තිවල ඉංග්‍රිසි පොතේ පාඩම් වල හිටියා.


"එයානෙ මිස් මේ අවුරුද්දේ මිස් නයිජීරියා උනේ" ඒ තව කට කාරයෙක්.


" ඔව්.. ඔව්.. මම ලබන අවුරුද්දේමිස් වර්ල්ඩ් කන්ටෙස්ට් එකට යන්නයි ඉන්නේ" කුමාරිත් හිමින් සැරේ කියලා දැම්මා....


කොල්ලො ටික හුරේ දාන පටන් ගත්තා. 
"කමෝන් කුමා"
"කළුකුමා දිනේවා"
" ජය වේවා!"
"එහෙම කියන්ට එපා අප්පා. එයා කළු නැහැනේ. දැකුම් කළුයි"


පන්තියේ එකම ගෝසාවයි. හැබැයි ඉතින් වැඩේ වැරදුනා කියලා ලමයි සේරටම තේරුණා  ටීචර්ගෙ මූණ දැක්කම නම්........

4 comments:

  1. ලස්සනම කතාවක්.. 3වෙනි කොටසයි ඉස්සෙල්ලාම හම්බුනේ.. නිවාඩු පාඩුවෙ මුල කොටස් ටිකත් කියවගෙනම එන්නම්කෝ>>.

    ReplyDelete
  2. ස්තූතියි හිතූ... ඔයාගෙ උදවු මට ලොකු ශක්තියක්....

    ReplyDelete
  3. හරිම ලස්සනට ලියලා තියෙනවා තරූ... ඉතිරි කොටස් බලාපොරොත්තු වෙනවා.. බ්ලොග් එකේ මුල ඉදන් කියවගෙන එන ගමන්.. :)
    දිගු ගමනකට සුබ පැතුම්...!!!

    ReplyDelete
  4. හුඟාක් ස්තූතියි නන්දු... ඔයාලගෙ දිරි ගැන්වීම් වල ප්‍රථිඵල තමා මේ...... මුල ඉඳන්ම කියවගෙන එන්ටකෝ.....

    ReplyDelete