මලිත්ති අත්තම්මලාගෙ ගෙදර යනකොට
අත්තම්මයි, අත්තප්පච්චියි දෙන්නම පේන්ට
නැහැ.
" කෝ ඇසිලින් අම්මලා?" කියලා
ගෙදර අත්උදවුවට හිටපු
ගෑනු කෙනාගෙන් ඇහුවෙ
මලිත්තිගෙ අම්මා.
"ඔන්න උඩහ ඉන්නවා
සුදු මැණිකේ, පැළ
වගයක් හිටෝනවා මයෙ
හිතේ" ඇසිලින් උත්තර දුන්නා.
අම්මා මලිත්තිවත් ඉස්සර කරගෙන
උඩහට ගියා.අත්තම්මයි
අත්තප්පච්චියි පැළ හිටවනවා.
"ඔන්න චූටි මැණිකෙට
ගෙඩි කන්න අපි
අලිගැටපේර පැළ ටිකක්
ඉන්ඳුවා." අත්තප්පච්චි හිනා වෙවී
මලිත්තිට කිවුවා.
"පැළ හිටෙව්වම මොකද වෙන්නේ
අත්තප්පච්චි?"
"පැළ හිටවලා වතුර
දැම්මම පැළ මුල්
ඇදලා, දළු දාලා,
ලොකු වෙනවා. ඒට
පස්සේ මල් පිපිලා
ගෙඩි හැදෙනවා."
අත්තප්පච්චි මලිත්තිට කියලා දුන්නා.මලිත්තිත් හොඳ කල්පනාවෙන්
අහගෙන හිටියා.
"පැළ විතරද හිටවන්නේ
අත්තප්පච්චි?"
"නෑ පුතේ, සමහර
වෙලාවට අපි ඇට වර්ගත් හිටෝනවා."
" ආ.. ඔයා ආව
එක හොඳයි.යමුකෝ
ගෙදර. මට තියෙනවා
චූටි මැණිකෙට සතුටු
හිතෙන දෙයක් පෙන්නන්ට"
අත්තප්පච්චි මලිත්තිගෙ අතින් අල්ලගෙන
ගෙදර ගියා.
අත්තප්පච්චිලාගෙ
ගෙදර හිටපු සුදු
හාවිට පැටවු හම්බ
වෙලා. චූටි බෝල
පැටවු තුන් දෙනයි.
මලිත්තිට හරි සතුටුයි.
"අනේ.....
ෂෝයි...අත්තප්පච්චි."
මලිත්ති සතුටෙන් උඩ පැන්නා.
මලිත්ති සතුටෙන් උඩ පැන්නා.
මලිත්තිට එහෙම්මම හා පැටවු
දිහා බල බලා ඉන්ට ඉඩ
ඇරලා අත්තප්පච්චි ගෙට
ගියා. ඒ අතරෙ මලිත්ති හොඳ කල්පනාවෙන්
හා පැටව් දිහා
බලාගෙන ඉන්නවා අත්තප්පච්චි
දැක්කා.
අම්මා කුස්සියේ, අත්තම්මත් එක්ක
මොකක්දෝ බර කතාවක්.ඇසිලිනුත් පේන්ට නෑ
වගේ. අත්තප්පච්චි ගෙට
ගිහින් එනකොට මලිත්තිත්
නෑ හා කූඩුව
ලඟ. හා පැටවුනුත්
නෑ.අත්තප්පච්චි කළබල
උනා.වටපිට බලනකොට
ඈත මලිත්තිගෙ දම්
පාට ගවුම යන්තමට
වගේ දැක්ක අත්තප්පච්චි
ඉක්මන් ගමනින් එතෙනට
යනකොටම ඇසිලින් මරහඬ
දීලා කෑ ගහනවා
ඇහුණා මලිත්ති හිටපු
දිහායින්. අත්තප්පච්චි යනකොටත් ඇසිලින්
"අනේ අපොයි" කිය කියා
එක අතකින් හා
පැටවු තුන් දෙනා
දාපු කූඩෙකුයි, අනිත්
අතින් මලිත්තිවයි අල්ලගෙන
ගෙදර එනවා.
" මොකද ඇසිලින්?"
" අනේ..
අපොයි ඉතින් මම
හොඳ වෙලාවට නොවැ
උඩහ හිටියේ. අපේ
චූටි මැණිකේ වලක්
හාරලා මේ අසරණ සත්තු ඒකට
දාල වහන්ට තැනුවා
නොවැ" ඇසිලින් කිවුවා.
අත්තප්පච්චි බැළුවේ මලිත්ති
දිහා. එතකොටත් එතනට
ඇවිත් හිටපු අම්මයි
අත්තම්මයි දෙන්නත් මලිත්ති දිහා
බලාගෙන. අත්තම්මා කම්මුලේ
අතකුත් තියාගෙන.
" නෑ...අත්තප්පච්චි.... මම තව
ලස්සන හා පැටවු
ගන්න මෙයාලව පැළ
කරන්නයි හැදුවේ. එතකොට
තව ගොඩාක් හා
පැටවු හම්බ වේවිනේ"
මලිත්ති කිවුවා. එතකොට තමයි
වෙලා තියෙන දේ
හැමෝටම තේරුණේ.
" අනේ..පුතේ...එහෙම
පැළ කරන්ට පුළුවන්
ඇට වර්ගයි පැළ
වර්ගයි විතරයි. පණ
තියෙන සත්තුන්ට එහෙම
කරන්ට බෑ.එතකොට
එයාලට හුස්ම ගන්ට
බැරුව මැරෙනවානේ. "
අත්තප්පච්චි කිවුවා.
" අනේ...
අනේ... ඇසිලින් හිටිය
එක හොඳට ගියා.
නැත්තම් ඉතින් මෙයා
හොඳ අකුසල කර්මයක්
තමා කර ගන්නේ."
අත්තම්මත් කීවා.
මලිත්තිත් ඉතින් එදා
හොඳ පාඩමක් ඉගෙන
ගත්තා.
අදයි මෙහාට ආවෙ.. හරිම ලස්සනයි.. මේක හරිම ලස්සන, අහිංසක, කතාවක්..හුරත්ල් කෙලි පොඩ්ඩෙක්ගෙ බොළඳ අහිංසක සිතුවිලි අපූරුවට ලියැවිලා...ලස්සනයි !!!
ReplyDeleteදිගටම ලියන්න..ජය වේවා
word verification අයින් කරන්න. එතකොට comments දාන්න ලේසියි...
හරි ලස්සනයි...ළමා කතා පොතකට දාන්න හොඳ කතාවක්..
ReplyDeleteඔන්න මාත් අදනේ මේක දැක්කේ..නන්දු බුකියෙ ලින්ක් එකක් දාලා තියෙනවා දැක්කා..එතනින් තමා අදනම් ආවේ.ආයේ දිගටම එන්නම්කෝ ..
ReplyDeleteඉස්සරවෙලාම ඔක්කොම ටික කියවලාම ඉන්නම් නේ.
මමත් නන්දු අක්කාගේ මග පෙන්වීමෙන් තමයි ආවේ. ලස්සනයි කතාව
ReplyDeleteදිගටම ලියන්න. :))
මුලින්ම මේ word verification අයින් කරලා ඉමු නේද
ReplyDeleteලස්සනයි කතාව... දිගටම ලියන්න.. ජයෙන් ජයම වේවා...!
ReplyDelete@ හිතූ
ReplyDeleteඔන්න ඉතින් ඔයාගෙ පිහිටෙන් word verification අයින් කළා. ස්තූතියි හිතූ....
@ සයුරි
හුඟාක් ස්තූතියි
@ නාකියා
හුඟාක් ස්තූතියි... කියවලාම හොඳ නරක කියන්ටකෝ...
@වර්ණා
සින්ඩි වලට බ්ලොග් එක ඇඩ් කරන්ට කිවුවෙත්, හිතූ, නන්දු දෙන්නා තමා. ඔන්න හිතූගෙ පිහිටෙන් word verification අයින් කළා.
මගෙ බ්ලොග් සෙටින්ග්ස් අවුල් වෙලා, පැටලිලා තිබුණේ.. මම ඉතින් තාම මේ දේවල් වලට අළුත්නේ....
@ අකීකරු හිත
හුඟාක් ස්තූතියි ඔයාට..
මලිත්තිත් පුදුම වැඩ කරන්නේ.
ReplyDeleteලස්සන කතාවක්.
දිගටම එන්නම් කතා කියවන්න. ජය වේවා !!!
කතාවනම් හරිම ලස්සනයි..හොද ළමා කතාවක්..
ReplyDeleteමම මේ නන්දුගේ මග පෙන්වීමෙන් මේ පැත්තට ආවේ.. දිගටම ලියන්න.. ජය..
බොහොම ස්තූතියි දිනේශ්...
ReplyDeleteබොහොම ස්තූතියි මධුරංග... සාදරයෙන් පිළි ගන්නවා...
ReplyDeleteඅදනෙ මේ බ්ලොග් එක දැක්කෙ. මගෙ අද පබ්ලිශ් කරපු පෝස්ට් එකේ අලුත් එක්කෙනෙක් කොමෙන්ට් කරල තියෙනව දැකල ප්‍රොෆයිල් එක හරහ ආවෙ.
ReplyDeleteසුභ ගමන්...!!!
@ observer
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්ත්ට ගොඩ උනාට
කෙටියි කියවන්න මිහිරියි.. පොඩි එකෙගේ කතාවක්නේ..
ReplyDelete