Monday, March 24, 2014

මලිත්තිගේ කතා - බිත්තියේ චිත්‍ර

         
මලිත්තිට අලුත් අදහසක් ඇවිත්. බිත්තිය පාට කරන්න හිතිලා පාට පාටින්. එයාට එහෙම හිතුනේ නම් ටීවී එකේ යන හච් 3G ඇඩ් එක දැකල මගෙ හිතේ. කොහොම උනත් අත්තප්පච්චි අලුතින් පාට කරපු බිත්තිය ආයෙමත් පාට පාටින් පාට කරන රාජකාරිය මලිත්ති පටන් ගත්තා. මෙයා මේ කරන වැඩේ ගෙදර අනිත් අය දැක්කත්, එපා කියලා කියන එක හොද දෙයක් නොවන නිසා කට්ටියම සද්ද නැතුව හිටියා. ඒ උනත් ඉතින් බිත්තිය අපරාදෙනේ. ඒ මදිවට තමන්ගෙ අත දික් කරන්න පුලුවන් තරම් උසට බිත්තිය පාට කරපු මලිත්ති ඉල්ලීමකුත් ඉදිරිපත් කලා.

"අනේ මාව උස්සලා අල්ලන් ඉන්නකෝ ඉතුරු ටික පාට කරන්න...."

ඒ ඉල්ලීමත් එක්කම තැන් තැන් වලට වෙලා හොරෙන් මලිත්තිගේ වැඩේ බලන් හිටිය ඔක්කොමලා එකපාරටම අතුරුදන් වෙලා ගිය හන්දා මලිත්තිට සිද්ධ උනා ඉතුරු ටික පාට කරන අදහස දැනට අතහැර ගන්න.

කොහොමහරි ඉතින් පහුවදා උදේ නැගිටලා ඇඳ අයිනේ ඉඳගෙන කකුල් හොල්ල හොල්ලා හිටපු මලිත්තිව දැකපු අත්තප්පච්චිත් මලිත්ති ලඟින් ඉඳ ගත්තා.

" පුතේ... අද නම් ඔන්න බිත්තිය පාට කරන්න එපා හොඳද? අපරාදෙනේ අලුතින් පාට කරපු බිත්තිය කැත වෙනවනේ " අත්තප්පච්චි කිවුවා.

බොහොම බැරෑරුම් විදියට අත්තප්පච්චි දිහා බලලා ඔලුව හොල්ලපු මලිත්ති මෙහෙම කිවුවා.

"හා.... එහෙනම් මම අද පාට කරන්නේ නැතුව හෙට පාට කරන්නම්කෝ ඉතුරු ටික...."

16 comments:

  1. හෙහ් හෙහ්, ඇත්තෙන්න්ම සමහර දෙමව්පියෝ මට කියලා තියෙනවා, දැන් මේ මුන් දෙන්න ලොකු වෙනකල් ඉන්නේ ආපහු බිත්ති පේන්ට් කරන්න, දැන් කලාට වැඩක් නෑනේ බං. ඔනන් ඔහේ ඕනේ එකක් ඇඳගත්තාවේ කියලා අතෑරලා දාලා තියෙන්නේ කියලා. :D

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි.. නැතුව ඉතින් වෙන මොනව කරන්නද? බනින්නයැ පොඩිඋන්ට...

      Delete
  2. සෑහෙන කාලෙකට පස්සේ මලිත්ති ඇවිත් තියෙන්නේ..
    ඒ කාලේ මම නම් පාට කලේ නෑ.. එක එක චිත්‍ර ඇන්දා... !!!

    ReplyDelete
    Replies
    1. මධුරංග දැන් හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඇති දැන් එහෙනම් නේද? :)

      Delete
    2. මොන පික්සුදෑ... මට හරියාකාරව මනුස්ස රූපයක්කත් ඇඳ ගන්ඩ බෑ.. !

      Delete
  3. කටු මැටි බිත්ති වල චිත්‍ර අදින්න බෑ නෙව.. ඒ හිංද ඒ අත්දැකීම මට නෑ...
    කොහොමත් පොඩි ඈයො කරන සමහර දේ වලට පොඩි පුෂ් එකක් දෙන්න පුලුවන් නං ඒකඋගෙ අනගතේට හේතු වෙයි....

    අවන්හල

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ්....පොඩි අය කරන දෙවල් බලන් ඉදලා වැරදිම දෙයක් කරොත් ඒකෙන් වලක්කනවා මිසක් එයාලව ප්‍රෙෂර් කරන්නේ නම් නෑ මම....

      Delete
  4. පොඩි උන්ගෙ කතා නම් කියල නිමක් නෑ නේද ? :D

    කවුද අත්තප්පච්චි කියන්නෙ ? ආතා (සීයා) ද, ආච්චි ද ?

    ReplyDelete
    Replies
    1. අත්තා + අප්පච්චි !

      සියා වෙන්ඩ ඕන චන්දන... ඒක නෙමේ බොලා දැන් ලියන්නේ එහෙම නැද්ද ? කාලෙකින් එක ලිපියක්වත් කියවන්ඩ බැරි උනා...

      Delete
    2. ඔව් චන්දන මධුරංග හරි...අත්තප්පච්චි කියන්නේ එහෙම නැත්තම් අත්තප්පා කියන්නේ සීයාට. මෙහෙ සමහර පැතිවල වැඩිමල් සහෝදරයාටත් අය්යප්පච්චි එහෙම නැත්තම් අයියප්පා කියලා කියනවා මම අහලා තියෙනවා..

      Delete
    3. //ඒක නෙමේ බොලා දැන් ලියන්නේ එහෙම නැද්ද ?// ??? ලියනව නෙ. මේ බ්ලොග් එකෙත් ඔය තියන්නෙ ලිස්‍ට් එකේ මගෙ අලුත් පෝස්ට් එක. :)

      Delete
  5. පොඩිවුන් කියන දේ වලින් මග ඇරල ඉන්නව කියන එක නම් බොරුවක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.. සමහර වෙලාවට හිනාව නවත්තගන්න බෑ කියන දේවල් වලට...

      Delete
  6. ඇත්ත නේන්නම්... දරුවට කිව්වෙ අද පාට කරන්න එපා කියලනෙ... ඉතින් හෙට පාට කළාම මොකෝ...
    අපේ මහ ගෙදර අපි පුංචි කාලෙ ගෙයි පිට බිත්තිවල හිටන් පින්තූර... ඒවා ඇන්දෙ අඟුරු කෑලි වලින්... එක අඟුරු ඉරක් තිබ්බා මුළු ගේ වටේම ඇඳපු... ඇතුලෙ බිත්තිවල තමයි පැස්ටල් චිත්‍ර... අම්මා යාන්තම් සාලෙ නම් බේරගත්තා... ඒත් අනිත්වා නම් කියලම වැඩක් නෑ... අපි ලොකු වෙනකම් බිත්ති සායම් කළේ නෑ... අපේ උන් දෙන්නා මෙච්චර ලොකු වෙලත් තවමත් හොරෙන් අඳිනවානෙ... :D

    ReplyDelete
  7. පුංචි අය අපිට නොහිතෙන දෙවල් උනත් හිතනවා මියුරු,,, කොහොම උනත් බිත්ති වල චිත්‍ර අදින එකෙත් පොඩි ජොලියක් තියෙනවා නේද? :)

    ReplyDelete