Sunday, August 19, 2012
මලිත්තිගෙ මොන්ටිසෝරිය..
මලිත්ති ගෙදර ඉන්නෙ තනියම නිසා මලිත්තිගෙ අම්මා හිතුවා මලිත්තිව අවුරුද්දක් කලින්ම මොන්ටිසෝරියකට දාන්න. එතකොට මලිත්තිට යාලුවොත් හම්බ වෙනවා. දඟ වැඩත් ටිකක් අඩු වෙයි කියලා අම්මා හිතුවා. දවල්ට අම්මටත් ඉතින් මලිත්තිගෙ දඟ වැඩ වලින් දවල්ට වරුවක් හරි නිවාඩු ලැබෙනවනෙ...මලිත්තිත් උඩින්ම කැමති උණා මොන්ටිසෝරි යන්න. මොන්ටිසෝරියට මලිත්ති යවපු පළවෙනි දවසෙ අම්මා ටිකක්වෙලා මොන්ටිසෝරියෙම නැවතුණා මලිත්තිට තනියක් දැනෙයි කියලා. ඒත් මලිත්ති අම්මට කිවුවෙ ගෙදර ගිහින් හවස මොන්ටිසෝරි ඉවරවෙන වෙලාවට එන්න කියලා එයාව එක්කන් යන්න. අම්මත් ඉතින් හැමදාම උදේට මලිත්තිව මොන්ටිසෝරියට ඇරලුවා.හවස එක්කන් එන්න ගියා. මොන්ටිසෝරියක් කිවුවට ඒකෙ පන්ති තුනක් හතරක් තිබුණා. පන්ති වලට පන්තිභාර ගුරුවරියො වෙන වෙනම හිටියා.පන්ති සේරම භාරව ප්‍රධානාචාර්යවරියක් හිටියා. එයා සේරම ලමයි ගැන හොයලා බැලුවා.
මුල් සති කීපය ඒකාකාරිව ගෙවිලා ගියා.මලිත්තිට යාලුවොත් ලැබුණා. මොකුත් ප්‍රශ්නයක් ඇති නොවුණු එකට නම් අම්මටත් සතුටුයි.ඒත් එක දවසක් ..... පාඩම් වැඩ වලින් පස්සෙ ගුරුවරී පන්තියේ ලමයින්ට විවේකයක් දුන්නා පැය බාගෙක විතර. ඒ වෙලාවෙ ළමයින්ට කැමති දෙයක් කරන්න පුලුවනි.සමහරු චිත්‍ර ඇන්දා. සමහරු පිට්ටනියට පැනලා සීසෝ පැද්දා. ලිස්සන බෝට්ටුවෙ ගියා. ඉතින් මලිත්තිත් පිට්ටනියට බැහැලා යාලුවෝ එක්ක සෙල්ලම් කළා.විවේක කාළෙ ඉවර වෙන බෙල් එක වැදුණා.සේරම ළමයි පන්තිය ඇතුලට ගියා.මලිත්ති තාම පිට්ටනියෙ. ගුරුතුමී ටිකක් වෙලා බලාගෙන හිටියා මලිත්ති පන්තියට එයි කියලා. ම්හ්... මලිත්තිට ගානක්වත් නෑ එයා තනියම පිට්ටනියට වෙලා සමනල්ලු පස්සෙන් දුවනවා. බලන් ඉඳලා බැරිම තැන ගුරුතුමී මලිත්තිට කතා කළා.අම්මා ආදරේට මලිත්ති කියලා කිවුවට එයගෙ උප්පැන්න සහතිකේ තියෙන නම ෂෙනාලි නටාලියා කුමාරිහාමි ඩැනියෙල්ස්. කුමාරිහාමි කියන නම මලිත්තිට දැම්මෙ තාත්තා. ඒ මලිත්තිගෙ අම්මගෙ නම උත්පලා කුමාරිහාමි නිසා.
" ඉන්ටර්වල් එක ඉවරයි ෂෙනාලි. බෙල් එක ඇහුණෙ නැද්ද . එන්න ඉක්මනට පන්තියට .අපි චිත්‍ර අඳින්නයි යන්නෙ"
මලිත්ති කතාවක් නෑ.ඇහුණෙ නෑ වගෙ ඉන්නවා. ගුරුතුමී තව දෙතුන් පාරක් කතා කළා මලිත්තිට.ම්හ් වැඩක් උණෙ නෑ. මලිත්තිගෙ කණ ඇහෙන්නෙ නැතුවා වාගෙයි.බැරිම තැන ගුරුතුමී ගියා මලිත්ති ළඟට.
" ඔයාගෙ කන් ඇහෙන්නේ නැද්ද ෂෙනාලි? මම දැන් කී පාරක් ඔයාට කතා කළාද? එන්න පන්තියට."
ඒ පාර මලිත්ති උත්තර දුන්නා ටීචර්ට.
" මම ෂෙනාලි නෙවෙයි. මම අද නම වෙනස් කරා. මගේ නම ශෙරෝන් "
ශෙරෝන් කියන්නේ මලිත්තිගෙ යාලුවගෙ නම. ගුරුතුමීට හිනා යන්න ආවත් හිමීට මලිත්තිගෙ අලුත් නමින්ම මලිත්තිට කතා කරලා එයාව පන්තිය ඇතුලට ගන්න ගුරුතුමීට පුලුවන් උණා.
එයා ඒ බව මලිත්තිව හැන්දෑවෙ එක්කන් යන්න ආපු මලිත්තිගෙ අම්මට කිවුවෙ හිනා වෙවී..
Wednesday, May 30, 2012
පුනරාගමනය
හුඟ දවසකට පස්සෙ අදයි නිවාඩු පාඩුවේ බ්ලොග් එකට ගොඩ වෙන්න ලැබුනේ. පහුගිය දවස් වල රාජකාරි කටයුතුයි, පුද්ගලික දේවල් වලටයි විතරක් හිත යොදවන්න සිද්ධ උන නිසා හිතේ ගොඩගහගෙන හිටපු එක දෙයක් වත් ලියාගන්න බැරි උණා.
ඒත් ඉතින් සතියකට සැරයක් වත් ඇවිත් අනිත් අයගෙ බ්ලොග් වල තියෙන දේවල් කියවන එක නම් මට නොකර ඉන්ට බැරි උණා.ඒත් ඉතින් කොමෙන්ට් කරන්න නම් වෙලාවක් තිබුණෙ නෑ. මම නැති අතරෙ හුඟක් දේවල් සිද්ධ වෙලා. ඔබා මාමා අපි ඔක්කොමලා දාල යන්නම ගිහිල්ලා.මම හුඟක් ආසාවෙන් බලපු බ්ලොග් එකක්. ඒ වගේම හුඟක් හොඳ මනුස්සයෙක්. හිතේ හරි කණගාටුවක් තියෙනවා ඔහුව මතක් වෙද්දි.
පහුගිය දවස්වල කියවන්න වෙලාවක් නැතුව මග හැරුණු බ්ලොග් හුඟාක් තියෙනව. දැන් ඉතින් ටිකක් විතර වෙලාව තියෙන නිසා නිවාඩු පාඩුවේ ඒවා කියවන්නත් ඕනෙ.හිතේ එක එක විදියෙ කතන්දර ගොඩකුත් ගොඩ ගහගෙන ඉන්නවා පුලු පුලුවන් වෙලාවට ලියන්නත් ඕනෙ. මම මේ දැන් කියන්න හදන්නෙ අපේ ඔෆිස් එකේදි කෑම කන වෙලාවෙදී මගෙ යෙහෙළියක් කිවුව කතාවක්.
මගේ යෙහෙළිය මධු. එයාගෙ ස්වාමි පුරුෂයා දිනෙත්. ඒ ගොල්ලන්ගෙ ගෙවල් පැත්තෙ ඉන්නවා කැඩුම් බිඳුම් වෙද මහත්තයෙක්. එයා පළාතෙ ටිකක් ප්‍රසිද්ධ නිසා හුඟ දෙනෙක් එනවා දුර බැහැර ඉඳළත් ප්‍රතිකාර ලබා ගන්න. හැබැයි වෙද ගෙදරට යන්න බස් පාරෙ ඉඳන් ටික දුරක් තියෙනවා. බස් එකෙන් බහින තැනම ත්‍රීවීල් පාක් එකක් තියෙනවා. දුර ඉඳන් එන හුඟ දෙනෙක් බස් එකෙන් බැහැලා ත්‍රීවීල් එකක් හයර් කරගෙන තමයි වෙද ගෙදරට යන්නෙ.දිනෙත්ගෙ ඔෆිස් එක තියෙන්නෙ ගෙදර ඉඳලා මීටර් සීයක් විතර දුරින්. වැඩ ආරම්භ වෙන්නෙත් නවයට නිසා දිනෙත් උදේ ඔෆිස් යන්න කලින් පැයක් දෙකක් ත්‍රීවීල් පාර්ක් එකට ගිහින් හයර් යන්න පුරුදු වෙලා හිටියා.
පහුගිය දවසක කිලෝ මීටර ගානක් දුර බැහැර ඉඳලා අම්මෙකුයි දුවෙකුයි බෙහෙත් ගන්න ඇවිත් තිබුණා.දුව ලෙස්සලා වැටිලා අත පැනලා. ඒකට බෙහෙත් බඳින්නයි ඇවිත් තිබුනේ. කොහොම කොහොම හරි දිනෙත් වෙද ගෙදර ලඟට මේ දෙන්නව ඇරලලා එන්න ලෑස්ති වෙද්දී මේ දෙන්නා දිනෙත්ගෙ ෆෝන් නම්බර් එකත් ඉල්ල ගත්තලු ආපහු එඩ්ඩිත් කතා කරන්නම් කියලා. හුඟක් වෙලාවට මෙහෙම එන අය ආපහු එන්නෙත් ඒ වීල් එකේම නිසා නම්බර් ඉල්ල ගන්න හින්දා දිනෙතුත් දෙපාරක් හිතන්නෙ නැතුව ෆෝන් නම්බර් එක දීලා. ඔෆිස් එකට ගිහින් වැඩ කරකර ඉද්දි උදේ දහයට විතර එනවලු කෝල් එකක්. කවුද කියල බලද්දි උදේ හයර් එක ගිය ගෑණු ළමයා. මෙහෙමයි දෙබස
ගෑණු ළමයා : අය්යේ මෙහෙ හරි රස්නෙයිනෙ. පෝලිම හුඟක් ඉන්නවා ලෙඩ්ඩු බෙහෙත් බඳින්නත්....
දිනෙත් : ඉතින්.....
ගෑණු ළමයා : අනේ මට හරි තිබහයි.කොකා කෝලා එකක් ගෙනත් දෙන්න බැරිද ඔයාට?
දිනෙත් : නංගි මම ඔෆිස් එකේ ඉන්නෙ.මට නම් එන්න වෙන්නෙ නෑ.
එහෙම කියලා දිනෙත් ෆෝන් එක කට් කළාලු. ඊට පස්සෙ ඉතින් දෙක හමාරට විතර ආයෙ එනවලු ඒ නම්බර් එකෙන්ම කෝල් එකක්. උත්තර නොදී ඉන්නත් හදලා , ආපහු එන්න ද දන්නෙ නැහැ කියලා හිතලා දිනෙත් ෆෝන එක ආනසර් කළේ එහෙමනම් වීල් පාර්ක් එකේ වෙන කෙනෙක්ව එතෙන්ට යවන්නම් කියලා හිතාගෙනමයි.
ගෑණු ළමයා : අය්යේ මගෙ අතට බෙහෙත් බැන්දා.හරි රස්නෙයිනෙ.දාඩියයි හොඳටම අතත් රිදෙනවා. ඔයාට ටිකක් ඇවිත් යන්න බැරිද?
දිනෙත් : නංගි මම ඔෆිස් එකේ ඉන්නෙ.මට නම් එන්න වෙන්නෙ නෑ. ඔයාල ආපහු එන්න වෙන්න වෙති කියලා හිතලයි මම ගත්තේ. එන වෙලාව කියන්න මම වෙන වීල් එකක් එවන්නම්
ගෑණු ළමයා : අනේ නැහැ අය්යෙ. පුලුවන් නම් ඔයා එන්නකෝ.ඔයා ආවනම් මට පවන් ටිකක් හරි ගහ ගන්න තිබ්බා.
දිනෙත් : *@%**&#@!......
දිනෙත් ගෙදර ගිහින් මේ කතාව මධූට කියලා කිවුවේ " මෙයා අපේ වීල් පාර්ක් එකේ හොඳ එකෙකුට අහුවෙන්නයි තිබ්බෙ. එහෙනම් ඔය අමාරුව යන්න පවන් විතරක් නෙවෙයි වෙන වෙන ඒවත් ගහ ගන්න තිබ්බා " කියලයි.
කතාව අහලා අපිට හිනාව නවත්ත ගන්න බැරි උණා. ඒත් ඉතින් අපි හිනා උණාට දිනෙත් කියපු කතාව කොයි තරම් දුරට ඇත්තද කියලත් හිතන්න වටිනවා. අමාරුවේ වැටෙන හුඟක් ගෑණු ළමයි අමාරුවේ වැටෙන්නේ විහින්මයි.ඊට පස්සෙ ඉතින් පිරිමින්ට විතරක් දොස් කියලා වැඩක් නෑ. තනි අතින් අප්පුඩි ගැහුවට මහ සද්දෙට අප්පුඩි ගහන්න බැහැනේ නේද..................?
Monday, April 16, 2012
පිස්සී 2
"නැහැ, අකමැත්තකට නෙවෙයි... මට
බයයි තාත්තා මොනවා
කියාවිද කියලා. එයා
අපේ සම්බන්ධෙට අකමැති
වුණොත් මට ඔයාව නැති වේවි"
" බය වෙන්න එපා
කුසුම්, අපි ඉස්සරවෙලා
අපේ ගැන ගෙවල්
වලට කියලා ඉමුකෝ.
ඊට පස්සෙ තීරණය
කරමු අපි මොකද
කරන්නේ කියලා"
විජේ කුසුම්ට කිවුවේ එහෙම..
කොහොමින් කොහොම හරි
විජේ ඒ සතස්යෙම
ඉරිදා කුසුම් ගෙ
අප්පච්චි මුණ ගැහෙන්න
ගියා. විජේ හමුදාවෙ
සේවය කරනවා කියලා
මුලින් මුලින් කුසුම්ගෙ
අප්පච්චි මේ සම්බන්ධෙට
අකමැති උණත් විජේ
ඇවිත් ගියාට පස්සෙ,
විජේගෙ කතා බහ ,
හැසීරීම, පෙනුම වගේ
දේවල් නිසා අප්පච්චිගෙ
හිතත් පොඩ්ඩක් හෙලවිලා
තිබුණා.
" ගමේ කමට හැදිච්ච,
නිවිච්ච කොල්ලෙක් වගෙයි"
ලොකු අය්යා කිවුවෙ
එහෙම.
ඒත්....
හැමදේම ටිකින් ටික
වෙනස් උණා. විජේගෙ
පවුලෙ උදවියත් කුසුම්ට
කැමති උණා.කුසුම්ගෙ
අප්පච්චිගෙ විරෝධයත් ටිකින් ටික
මඟ ඇරිල ගියා.
කුසුම්ව බලන්න ඊට
පස්සෙත් දෙතුන් වතාවක්
කුසුම්ගෙ ගෙදර ගිහින්
අප්පච්චිට කතා කරන්නත්
විජේ අමතක කලේ
නෑ.
ඔන්න ඔහොම හැම
දේම හොඳ තත්වෙට
ගෙනාවට පස්සෙයි විජේ
තමන්ගෙ නෑදෑයොත් එක්ක
සිරිතට වගේ අනාගත
මනමාලි බලන්න ආවේ.
ඉතින් හරිම ඉක්මනට
ලස්සන මඟුල් ගේකුත්
අරගෙන, චාරිත්ර වාරිත්ර
ඔක්කොම ඉෂ්ඨ කරලා
විජේ කුසුම්ව තමන්ගෙම
කියලා ගෙදරකට කැන්දගෙන
ගියා.
විජේ කුසුම්ට ආදරේ කලත්
තමන්ගෙ යාලුවෝ එක්ක
පාටි දාන එක, විනෝද වෙන
එක නම් නතර කලේම නෑ.ටිකෙන් ටික
කාලෙ ගෙවිල ගියා.අවුරුදු හතරක් යනකොට
කුසුම් පුංචි පුතෙකුගෙ
අම්මා කෙනෙක්. විජේ
ගෙදර ආවෙ සති අන්තෙ විතරයි.ඒ ඔහුව
ඈත උතුරේ රාජකාරි
සඳහා යොදවලා තිබුණු
නිසයි.නමුත් කුසුම්ට
තනිකමක් පාලුවක් දැනුණේ
නෑ පුතු පැටියා
නිසා.
මේ වෙනකොට කුසුම්ලට
ආර්ථික ප්රශ්නත්
නොතිබුණා නෙවෙයි.ඒත්
ඒවා ඒ තරම් ලොකු දේවලුත්
නෙවෙයි.කුසුම් කොහොම
හරි අරපිරිමැස්මෙන් ජීවත්
උණා.නිවාඩු ආවාම
විජේ හැමදාම යාළුවෝ
එක්ක පාටි දැමිල්ල
අඩු කලා නම් තවත් ඉතුරුවක්
වෙනවා කියලා කුසුම්ට
හිතුනත් එයා ඒ බවක් විජේට
කියන්න ගියේ නෑ.විජේත් පුතු
පැටියාවත් සතුටින් තියන එක තමයි කුසුම්ගෙත්
සතුට උණේ.
විජේ හැම මාසෙකටම
සැරයක් ගෙදර ආවා.කුසුම්ට අනාදරයක් නොකළත්
ආදරේ කළෙත් නෑ
කියලයි කුසුම්ට හිතුණෙ.
ඒත් කුසුම්ගෙ අප්පච්චි,
සහෝදර සහෝදරියන්ට විජේ
වෙනස්කමක් කළෙත් නෑ.හැමදාම නිවාඩුවට
ආවාම එයාලව බලන්න
යන්න අමතක කළෙත්
නෑ.
එක දවසක් විජේ
නිවාඩුවට එද්දි , විජේගෙ කෑම්ප්
එකේ යාළුවෙක්වත් ගෙදර
එක්ක ආවා.
" කුසුම්,
මේ මගෙ යාළුවෙක්.
දැන් රෑ වෙලා නිසා මූට
ගෙදර යන්න බස්
නෑ. හෙට උදේ යාවි.එයාටත්
එක්ක කෑම හදන්න"
විජේ කුසුම්ට කිවුවේ එහෙම.
ඒත් කෑම හදන්න
කිවුවට දෙන්නගෙන් එක්කෙනෙක්වත්
කෑම කන්න ආවේ
නෑ. ගෙනාපු මත්
පැන් බෝතලයක් හිස්
කරන්න පටන් ගත්තේ
කුසුම් ට කියලම හදාගත්ත කට ගැස්මක්
එක්කමයි.හුඟක් රෑ
උණා.පුතත් නිදා
ගත්ත.
"අපි පස්සෙ කන්නම්.
ඔයා කාලා මේසෙට
කෑම ඇරලා තියලා
නිදා ගන්න."
විජේ එහෙම කිවුවත්
කුසුම් කෑවෙ නෑ.
මේසෙට කෑම ඇරල තියලා බලන්
හිටියෙ දැන් දැන්
ඒ ගොල්ලො කෑම
කන්න ඒවි කියලා
හිතලයි.ඒත්....
"මම කඩේට ගිහින්
සිගරට් පැකට් එකක්
අරන් එන්නම්"
මහ රෑ හන්දියෙ
කඩේට යන්න හදන
විජේ දිහා කුසුම්
බැළුවෙ පුදුම වෙලා.ඒත් කුසුම්ට
ඔහුව නතර කර ගන්න බැරි
උණා. ඉක්මනින් එන්නම්
කියලයි විජේ කිවුවෙ.
"නංගි, මෙන්න මේ
පිඟානට බයිට් ටිකක්
ගෙනත් තියන්නකෝ.විජේ
දැන් තව බෝතලයක්
ගෙනේවි" විජේ නොපෙනී
යනවත් එක්කම විජේගෙ
යාළුවා නිශාන්ත ගෙට
ආවෙ එහෙම කියාගෙන.
නිශන්ත තම්න් දිහා බලපු බැල්ම ඒ තරම් හොඳ
නොවෙන බව නම් කුසුම්ගෙ ගැහැණු හිතට
නොදැණුණාමත් නෙවෙයි. ඒත් ඉතින්
අක මැත්තෙන් උණත්
කුසුම් කුස්සියට ගියේ
බැදපු මාළු දීසියක්
අරගෙන එන්න.
නිශාන්ත තමන්ගෙ පස්සෙන්
කුස්සියට ඒවි කියලා
කුසුම් හිතුවෙ
නෑ.නිශාන්තගෙ අත්
දෙකට හිරවුනු කුසුම්
ගැලවිලා යන්න දැඟළුවා.
නිශාන්තට නොවඳිනා වැඳුම් වැන්දා
තමන්ව අතාරින්න කියලා.
බීමතින් විකල් වෙලා
හිටිය නිශාන්තට ඒ
මොකුත් අහන්න උවමනාවක්
තිබුනේ නෑ.
"අනේ.. මාව අතාරින්න.දැන් විජේ
ඒවි.ඔහේ යාළුවෙක්
කියලා නම් එයාගෙන්
බේරුමක් නැති වේවි.මට කරදර
කළොත් නම්..." කුසුම්
අන්තිම තුරුම්පුවත් පාවිච්චි
කළා.
නිශාන්ත කළේ හයියෙන්
හිනාවුණ එක විතරයි.
"විජේ මේ සේරම
දන්නවා.එයා මාව ගෙදර එක්කන්
ආවෙ මේ නිසා තමයි.නැත්නම්
මේ වෙලාවෙ එයා
ඉන්න ඕනෙ ගෙදර
නේද? කෝ ඉතින්
දැන්? හන්දියට ගිහින්
එන්න මේ තරම් වෙලා යනවද?"
නිශාන්තගෙ ප්‍රශ්න
වලට කුසුම්ට උත්තර
තිබුණෙ නෑ.ඒත් හිතට දැණුනේ
කියාගන්න බැරි තරම්
කම්පනයක්.එහෙමයි කියලා
කුසුම්ට නිශාන්ත ගෙන්
ගැළවීමක් තිබුණෙත් නෑ.විජේ ආවෙ පැය
කීපෙකට පස්සෙ කුසුම්
ඇඳට වැටිලා අඬ
අඬ ඉද්දියි.කුසුම්
විජේ එක්ක ඉසිස්සෙල්ලාම
රණ්ඩු උණේ එදා.
ලෝකෙ තියෙන හැම
දෙයක්ම කියව කියව
කෑ ගහපු කුසුම්ගෙ
කට වහන්න විජේට
බැරි උණා.අන්තිමට
කුසුම්ට සිද්ධ උණෙ
විජේගෙන් පහර කන්නයි.
පහුවදා උදේම විජේ
ආපහු ගියා.කුසුම්
නෙමෙයි ඇහැ ඇරලවත්
ඒ දිහා බැළුවේ.
ඒත්.... එතනින් පස්සෙ
නිවාඩුවට එන විජේ
හැමදාම කවුරු හරි
යාළුවෙක් එක්ක එන
එක පුරුද්දක් කර
ගත්තා.කුසුම්ට මේක
මානසික වදයක් උණා.විජේ සල්ලි
හොයන්න අලූත් ජොබ්
එකක් පටන් අරන්
කියලයි කුසුම්ට හිතුණේ.අන්තිමට කුසුම් දරුවත්
අරන් තමන්ගෙ ගෙදර
යන්න තීරණය කළා.ගෙදර ගියා
උණත් විජේ එක්ක
ඉන්න බැරි නිසා
ආපහු ආවා කිවුවා
මිසක් කුසුම් වෙන
විස්තරයක් ගෙදර අයට
කියන්න ගියේ නෑ.
සහෝදරයන්ට තියා සහෝදරියන්ටවත්
ඒ ගැන කියා
ගන්න බැරි තරමේ
පිළිකුළක්, ලැජ්ජාවක් තමයි කුසුම්ගෙ
හිතේ තිබුණෙ.
ඒත්.... කවුරුත් විශ්වාස කළෙ
නෑ විජේ නරකයි
කියලා. විජේ ඒකෙන් ප්‍රයෝජන ගත්තා.තමන්ගෙ අතිරේක
ආදායම් මාර්ගය අහිමි
වීම නිසා විජේ
කොහොමත් හිටියෙ වියරු
වැටිලා වගේ.දෙතුන්
පාරක්ම කුසුම් ආපහු
එක්ක යන්න විජේ
උත්සාහ කරත් කුසුම් ආපහු
යන්න කැමති උණේ
නෑ. අන්තිමේදි විජේ
කුසුම්ගෙ ගෙදර අයට
කිවුවෙ කුසුම් තමන්ගෙ
හොඳම් යාළුවෙක් වුණු
නිශාන්තත් එක්ක සම්බන්ධයක්
පවත්වන නිසයි විජේව අතෑරලා
ආවේ කියලයි. මේ
කතාවට නිශාන්තගෙ උදවු
විජේට ලැබුණා.
සහෝදර සහෝදරියො උණත් ඔක්කොමලා කිවුවේ දරුවා ගැන හිතලවත් ආපහු විජේ එක්ක එකතු වෙන්න කියලයි. ඒත්… දරු පැටියගෙ අනාගතේ ගැන හිතන්න නම් ආපහු විජේ ලඟට ගිහින් බැරි බව කුසුම් දැන ගෙන උන්නා.
සහෝදර සහෝදරියො උණත් ඔක්කොමලා කිවුවේ දරුවා ගැන හිතලවත් ආපහු විජේ එක්ක එකතු වෙන්න කියලයි. ඒත්… දරු පැටියගෙ අනාගතේ ගැන හිතන්න නම් ආපහු විජේ ලඟට ගිහින් බැරි බව කුසුම් දැන ගෙන උන්නා.
මේ අතරෙදි දරුවා
තමන්ගෙ ලඟට ගන්න විජේ සැළසුම් කළේ ඒ නිසා වත් කුසුම් තමන් ලඟට ආපහු ගෙන්න ගන්න
පුළුවන් වෙයි කියලයි. ඒත් කුසුම් ඒකට කැමති උණේ නෑ. අන්තිමේදි විජේ කුසුම්ට
විරුද්ධව පොලිසියෙ පැමිණිල්ලක් දැම්මා දරුවා ඉල්ලලා. විජේ වෙනුවෙන් දරුවා හදාගන්න
විජේගෙ අම්මා කැමති උණා. විජේ පොලිසියේදි නිශාන්තගෙ උදවු ඇතුව කුසුම් නරක ගෑණියෙක්
කියලා ඔප්පු කරලා පෙන්නුවා.
මේ හැම දෙයක්ම දරා
ගන්න බැරුව කුසුම්ගෙ තාත්තා හර්දයාබාධයකින් හිටි හැටියෙ නැති උණා. ඒකෙ වැරැද්දත්
සහෝදරයෝ දැම්මේ කුසුම්ගෙ ගිණුමට. අනතිමට කුසුම් පිස්සියෙක් උණා. සහෝදරයෝ කුසුම්ව
ගෙදර තියා ගත්තෙ නෑ. මානසික රෝහලට යොමු කෙරුණු කුසුම් ටික ටික සාමාන්‍ය තත්වයට පත්
උණත්, තමන්ගෙ තාත්තා, දරුවා වගේම කටහඬත් කුසුම්ට අහිමි වෙලා තිබුණා. ටිකක් හොඳ
වුණු හැටියෙ කුසුම් මානසික රෝහලින් පැනලා ආවා.
මේ විදියට කීප
වතාවක්ම නෑදෑයන් විසින් කුසුම්ව මානසික රෝහලට යොමු කෙරුනත් කුසුම් ඒ හැම පාරම
පැනලා ආවා. සහෝදර සහෝදරියෝ කුසුම්ව අත හැරලම දැම්මා. කුසුම් උණත් ආයෙ ගෙදර ගියේ නෑ.පාරෙ
ජීවත් වෙන්න පටන් ගත්තා. ඒත් කුසුම්ට පාරෙ ජීවත් වෙන එකත් ලේසි උණේ නෑ.පාරෙ හිඟා
කාලා ජීවත් වෙන, රෑට නගරේ චන්ඩි වුණු කරුමක්කාර මිනිස්සුන්ගෙන්, ඒ වගේම තිරිසන්
මිනිස්සුන්ගෙන් කුසුම්ට ගැලවීමක් තිබුණේ නෑ.
කුසුම් කියන්නෙ කුසුම්ට වැඩිපුරම කරදර තිබුණෙ නිවාඩුවට එන ආමි එකේ පිරිමින්ගෙන් කියලයි.කුසුම් කියන විදියට කුසුම්ට තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම පරිවාස හා ළමා රක්ශක දෙපර්ථමේන්තුවේ ළමා නිවාසයේ හැදී වැඩෙනවා. කුසුම් මේ කරදර වලින් බේරෙන්න හොයා ගත්තු ලොකුම විසඳුම තමයි පිස්සු චරිතය වැඩි වැඩියෙන් රඟපෑම. තමන් රෑට නිදා ගන්න තැනත් දෙතුන් පාරක් වෙනස් කරන එකත් දැන් කුසුම්ගෙ පුරුද්දක් වෙලා. ඒ වගේම පිස්සු වගේ රඟ පාලා, තමන්ට අවමන් කරන මිනිස්සු බය ගන්වලා, ලැජ්ජාවට පත් කරලා කුසුම් සතුටු වෙන බවත් මට හිතෙනවා.
කුසුම් කියන්නෙ කුසුම්ට වැඩිපුරම කරදර තිබුණෙ නිවාඩුවට එන ආමි එකේ පිරිමින්ගෙන් කියලයි.කුසුම් කියන විදියට කුසුම්ට තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම පරිවාස හා ළමා රක්ශක දෙපර්ථමේන්තුවේ ළමා නිවාසයේ හැදී වැඩෙනවා. කුසුම් මේ කරදර වලින් බේරෙන්න හොයා ගත්තු ලොකුම විසඳුම තමයි පිස්සු චරිතය වැඩි වැඩියෙන් රඟපෑම. තමන් රෑට නිදා ගන්න තැනත් දෙතුන් පාරක් වෙනස් කරන එකත් දැන් කුසුම්ගෙ පුරුද්දක් වෙලා. ඒ වගේම පිස්සු වගේ රඟ පාලා, තමන්ට අවමන් කරන මිනිස්සු බය ගන්වලා, ලැජ්ජාවට පත් කරලා කුසුම් සතුටු වෙන බවත් මට හිතෙනවා.
නමුත් හදිසියෙම කුසුම් ආපහු ආවා. ඇඳුම් බෑග් එක විසි කළා කියල දැනගත්තම හොඳටම තරහ ගත්තත් ඇය මගේ යෙහෙළියට මොකුත් කියලා නෑ.මගේ යෙහෙළිය ඇය සතුව තිබුණු අළුත්ම ඇඳුම් කීපයක් කුසුම්ට ලබා දී හිත නිදහස් කර ගත්තා. තාමත් කුසුම් ඉන්නවා. කවදා කොහොම කොතැනක ඇයට සරණක් තියේවිද කවුරුවත් දන්නේ නෑ. කවුරුවත් ඇයව මායිම කරන්නේ නැතුවා වගේම දැන් ඇයත් කවුරුවත් මායිම් කරන්නේ නෑ…
වරද කාගෙද? කොහේද? කුසුම් එදා අන්තිමට මගේ යෙහෙළියට ලියලා දීලා තිබුණේ මෙහෙම.
“ මං මැරෙනකල් මෙහෙම ඉන්නවා, මගෙ සහෝදර , සහෝදරියෝ මාව විශ්වාස කළේ නෑ, මගෙ මිනිහා මාව විකුණුවා. ඒත් ඒ මිනිහා කියපු දේවල් හැමෝම විස්වාස කළා. ඒ නිසයි මම අද මෙතන ඉන්නේ. මගෙ ජීවිතේ විනාශ කළා.මම වෛරයි ඔය මිනිස්සු එක්ක හැමදාටම…..”
Friday, April 13, 2012
Friday, March 23, 2012
පිස්සී.....
මුලින්ම කියන්නෙ මේක සත්‍ය කතාවක්. ඉතින් මම දැන් මේක ලියනවා වගේ අනාගතේ දවසක වෙන කවුරුහරි මේ කතාව ලිවුවොත් මම පුදුම වෙන්නේ නෑ. මොකද මේක සත්‍ය කතාවක් නිසා. නමුත් ලියන පුද්ගලයා අනුව මේ කතාවෙ සුලු සුලු වෙනස් කම් සිද්ධ වෙන්නත් පුලුවන්.
ඇය...... අවුරුදු 38ක 40ක පමණ වයසේ වූ ගොළු කාන්තාවක්. ගොළු කාන්තාවක් උණත් ඇයට කන් ඇහීමේ අඩුවක් තිබුණේ නෑ.අනිත් අය කියන දේවල් හොඳින් තේරුම් ගැනීමේ හැකියාවක් ඇයට තිබුණා.සාමාන්‍ය ප්‍රමාණයේ සිහින් හැඩැති ඇඟපතක් තිබුණු ඇය මුහුණින් උණත් විරූපී කාන්තාවක් නෙවෙයි.ඉන්න හිටින්න නියම ස්තානයක් නැති ඇය කඩ පිල් වල නිදා ගත්තා. කඩවල් වල ඇය ගැන දන්න මිනිස්සුන්ගෙ අනුකම්පාව ඇයට හිමි උනා.ගොඩක් වෙලාවට කෑම බීම ඇඳුම් පැළඳුම් වගේ දේවල් ඇයට දුන්නෙ ටවුමෙ කඩ සාප්පු හිමියෝ.පිරිසිදුව ඉන්න කැමැත්තක් දක්වපු ඇය එක පාරක් හරි කවුරු හරි ඇඳපු පරණ ඇඳුමක් උණත් බාර ගත්තේ නෑ.ඒ වගේම කවුරු හරි කඩ හිමියෙක් ඇයට බැණ වැදුණා නම්, දොස් කිවුවා නම්, එතැනින් මඟ හැර යන ඇය මතු කිසිම දවසක එම පුද්ගලයා ලබා දෙන කිසිම දෙයක් බාර නොගැනීමට කටයුතු කළා.
ඒවා කොහොම උණත් හැමෝගෙම අනුකම්පාව ඇයට හිමි උණේ නෑ.ත්‍රීවීල් පාක් වල උදවිය ඇයව අවුස්සලා විනෝද උණා. ඒ වගේම නගරයේ මිනිස්සු අතර ඇය ප්‍රසිද්ධව හිටියේ පිස්සු හැදිච්ච වල් ගෑණියක් විදියටයි. ඒකට හේතු උණෙත් මෙම කාන්තාවගේ එක්තරා ක්‍රියාවක් නිසයි. බස් හෝල්ට් වල ඉන්න හරි, එහෙමත් නැත්නම් පාරේ යන පිරිමි කෙනෙක් (බොහෝ විට තරුණ වයසේ පිරිමි උදවිය) දුටු ගමන් ඔහු වෙත යන මෙම කාන්තාව ඔහුගෙ අතින් අල්ලාගෙන විවිධ ඉඟි බිඟි පානවා. බොහෝ විට ඇය ගොළු බාසාවෙන් කියන්නේ ඇයත් එක්ක යමු කියලායි. පිරිමි තැනැත්තා එක්ක ඔහුගේ බිරිඳ හෝ පෙම්වතිය ඉන්නවානම් මේ ඉඟි බිඟි පෑම තවත් වැඩි වෙනවා. ඒ නිසාම මේ කාන්තාව දකින පිරිමි ඉක්මනින් ඇයව මඟ හැර යනවා. බේරෙන්නම බැරි අවස්ථා වල අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු පසු මෙම කාන්තාව නිසොල්මනේ ආපසු යනවා.නමුත් ඇය ආමි එකේ වැඩ කරණ බව පෙනුණු තරුණයන්ට නම් තද අකමැත්තක් පෙන්නුවා.ඔවුන්ව මඟ හැර ගියා.
නගර මධ්‍යයේ වෙළඳ සැලක් පවත්වාගෙන යන මගේ යෙහෙළියක් ඉන්නවා.මේ යෙහෙළිය අර කාන්තාවටආනුකම්පාව නිසා බොහෝ විට ආහාර සහ ඇඳුම් පැළඳුම් ලබාදී තිබෙනවා. ඒ නිසාම පෙර කී කාන්තාව මගේ යෙහෙලිය සමඟ බොහෝ හිතවත් වී තිබෙනවා.මගේ යෙහෙලියට ඇය ගැන විස්තර කිසිවකු විසින් පවසා තිබුණු බැවින් ඇය ඒ පිළිබඳව අදාල කාන්තාවගෙන් විමසූ විට ඇය කොලයක් හා පෑනක් ඉල්ලා තිබෙන අතර මගේ යෙහෙළිය ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ඇය පැහැදිලි සිංහල අකුරින් ලියාදී තිබෙනවා. එසේම ඇගෙ ජීවිත කතාවද යම් පමණකින් විස්තර කොට තිබෙනවා. මම මේ ඔබ වෙත දක්වන්නට යන්නේ මගේ යෙහෙලිය අසා දැනගත් ඇගේ ජීවිත කතාවේ සංක්ෂිප්තයයි.
කුසුම ලතා... මලක් තරම්ම ලස්සන නොවුණත් මලක් වගේ මෙළෙක් හිතක් තිබූ තරුණියක්. දරුවන් අට දෙනෙකුගෙන් යුතු වැදගත් පවුලක සය වැන්නිය ලෙස ඇය උපත ලබා තිබුණා.සොයුරන් සිවු දෙනෙකු හා සොයුරියන් සිවු දෙනෙකුගෙන් යුතු පවුලේ සියළු දෙනාම මේ වන විට ඉහල ඉගෙනීමක් ලබා රටේ වැදගත් යැයි සම්මත රැකියා වල නිරතව සිටිනවා. පියා සහ මව මියගොස්. කුසුමලතාට පමණක් මෙසේ වූයේ ඇයි?? කතාව මම කියන්නම්.ඇයට වැරදුණෙ කොතැනකද යන්න ඔබලා තීරණය කරන්න.....
සොයුරියන් සමඟ පාසැල් ගිය කුසුම්ට නගරයේ ආරක්ෂක රාජකාරි වල නියුතු හමුදාභටයකුගේ සිත ඇදී ගියේ එය ඇය වෙතද නොසඟවමින්. දුටු මතින් නොවුණත් නිතර දැකීමෙන් හා සිනාසීමෙන් කුසුම්ගේ හිතත් ඔහු වෙත ඇදී ගියේ ඇයටත් හොරාමයි...අපි ඔහුට විජේසුන්දර යැයි කියමු.කුසුම්ගෙ පාසල් කාලය අවසන් උණත් විජේව අමතක කරන්න කුසුම්ට බැරි උණා.හැමෝටම හොරෙන් මේ ආදර කතාව දිගටම ගලාගෙන ගියා. ඒත් ඉතින් හැමදාම රහස්, රහස් විදියට තියෙන්නේ
නැති බව සනාථ කරමින් මේ සම්බන්ධය කුසුම්ගෙ පොඩි අය්යාට ආරංචි වුණෙ කුසුම්ගෙ හිත සසල කරවමින්. පොඩි අය්යා රහසින් විජේ ගැන හොයලා බැලුවා. තමන්ගෙ තත්වෙට නොගැලපීමක් විජේගෙ තිබුණේ නෑ.නමුත් විජේ තමන්ගෙ යාළුවෝ එක්ක එකතු වෙලා මත්පැන් සාද පවත්වන බව නම් පොඩි අය්යා හොයාගෙන තිබුනා. පොඩි අය්යා තමන් හොයාගත්තු විස්තර ලොකු අය්යා හරහා තාත්තාට දැන්නුවත් තාත්තා ඒ සම්බන්දෙට අකමැති උණේ විජේ රැකියාව කළේ ආමි එකේ නිසයි.
ඔය අතරෙ තමයි විජේ තිරණය කරන්නේ කුසුම්ගෙ අප්පච්චි හමුවෙලා , ඔවුන් දෙදෙනාගෙ ප්‍රේම ස්ම්බන්ධය ගැන ප්‍රකාශ කරලා කුසුම් විවාහ කරගන්න කැමති බව දැනුම් දෙන්න.....කුසුම් නම් හිටියෙ හොඳටම බය වෙලා.
" ඇයි කුසුම්, ඔයා කැමති නැද්ද අපි ගැන ගෙදරට කියනවට.....??"
"නැහැ, අකමැත්තකට නෙවෙයි... මට බයයි තාත්තා මොනවා කියාවිද කියලා. එයා අපේ සම්බන්ධෙට අකමැති වුණොත් මට ඔයාව නැති වේවි"
" බය වෙන්න එපා කුසුම්, අපි ඉස්සරවෙලා අපේ ගැන ගෙවල් වලට කියලා ඉමුකෝ. ඊට පස්සෙ තීරණය කරමු අපි මොකද කරන්නේ කියලා"
විජේ කුසුම්ට කිවුවේ එහෙම....
ඔය අතරෙ තමයි විජේ තිරණය කරන්නේ කුසුම්ගෙ අප්පච්චි හමුවෙලා , ඔවුන් දෙදෙනාගෙ ප්‍රේම ස්ම්බන්ධය ගැන ප්‍රකාශ කරලා කුසුම් විවාහ කරගන්න කැමති බව දැනුම් දෙන්න.....කුසුම් නම් හිටියෙ හොඳටම බය වෙලා.
" ඇයි කුසුම්, ඔයා කැමති නැද්ද අපි ගැන ගෙදරට කියනවට.....??"
"නැහැ, අකමැත්තකට නෙවෙයි... මට බයයි තාත්තා මොනවා කියාවිද කියලා. එයා අපේ සම්බන්ධෙට අකමැති වුණොත් මට ඔයාව නැති වේවි"
" බය වෙන්න එපා කුසුම්, අපි ඉස්සරවෙලා අපේ ගැන ගෙවල් වලට කියලා ඉමුකෝ. ඊට පස්සෙ තීරණය කරමු අපි මොකද කරන්නේ කියලා"
විජේ කුසුම්ට කිවුවේ එහෙම....
කතාව දිග වැඩියි වගේ.. තව කොටස් දෙකකින් ඉතිරි ටික පළ කරන්නම්. දැනට මේ ලියපු ටික ගැන ඔයාලට හිතෙන දේ කියන්නකෝ......
Monday, March 19, 2012
Thursday, February 16, 2012
අපෙ ගෙදර මිණි පහන
හීනයක් වගෙ ඇවිත් හොරෙන් එබිකම් කෙරුව
විශ්මයක් ඇත්තටම මගෙ දිවිය හැඩ කෙරුව
රැව්දෙවන සිනා හඬ, දෙමින් සුරතල් පෑව
මල් කැකුළ නුඹ තමයි මුදු සුවඳ ගෙන ආව........
කවි සිංදු පබඳිමින් විහඟුන්ට අත වනන
චිත්‍ර පොත පුරාවට නේක සිතුවම් අඳීන
වචනයක් වැරදුණත් කඳුළු දෙකොපුල් තෙමන
සුදු දුවේ නුඹ තමයි දිව ඔසුව හිත නිවන.............
කෝලමට කවි කියා අම්මාව නිඳි කරන
පුංචි පා බිම තබා ගීත නාදෙට නටන
හිනැහෙමින් ගේ පුරා සෙල්ලමට වගෙ දුවන
මඳ පවන නුඹ තමයි හිතට සැනසුම ගේන................
දකින හැම දේ ගැනම කෝටියක් දේ අසන
අම්මාට තුරුළු වී හුරතලෙන් දඟ කරන
දුක් කඳුළු මැද වුණත් හදට සැනසුම ගේන
මගෙ දුවේ නුඹ තමයි අපෙ ගෙදර මිණි පහන...........
Subscribe to:
Posts (Atom)




