Sunday, February 3, 2013
මලිත්තිගේ කතා - කළු උකුණෝ
මලිත්ති මොන්ටිසෝරි යන්ට පටන් ගත්තට පස්සෙ දඟ වැඩ කරන එක ටිකක් හරි අඩු වෙයි කියලයි අම්මා හිතුවේ. ඒත් මලිත්තිට නම් ඒ කිසිදෙයක ගානක් නැති පාටයි. ඒ උනාට ටීචර් නං කිවුවේ මලිත්ති දඟ වගේම බොහොම බුද්ධිමත් ළමයෙක් කියලයි. මොන්ටිසෝරි යන්ට පටන් ගත්තට පස්සේ මලිත්ති, එයාටත් අර ටීවී එකේ ලයිෆ් බෝයි සබන් ඇඩ් එකේ ඉන්න අක්කිට වගේ දිග කොණ්ඩයක් ඕනේ කියලා එයාගේ කොන්ඩේ කපන්ට සැළුන් එකට යන්ට බෑ කියලා පෙරළි කරන්ට පටන් ගත්තා. අම්මත් ඉතින් මලිත්තිගෙ කොණ්ඩේ ටිකක් දිගට වැවෙන්ට ඇරියට මොකද එයාට තේරෙනවා මලිත්තිගෙ කොණ්ඩෙට උකුණො බෝ වෙලා කියලා. ඒත් ඉතින් අත් දෙකෙන්ම ඔළුව කහන්ට පටන් ගත්තත් මලිත්ති නෙවෙයි එයාගෙ කොණ්ඩෙ උකුණො ඇහිදින්ට නම් කාටවත් ඉඩ දුන්නේ. දවසක් මලිත්ති ගෙදර හිටපු දවසක අම්මා හිතුවා චාටුවක් දාලා හරි මලිත්තිගෙ ඔළුව පීරලා උකුණො ඇහිඳලා දාන්ට ඕනෙ කියලා.
" මලිත්ති, එන්ටකෝ පුතේ ඔයාගෙ කොණ්ඩෙ පීරන්ට"
" බැහැ බැහැ අත්තම්මා උදේ මගේ කොණ්ඩෙ පීරුවා" මලිත්ති කිවුවේ අම්මගෙන් ටිකක් ඈතට යන ගමන්මයි.
" එන්ටකෝ පුතේ ඔයාගේ ඔළුවේ ඉන්න කළු උකුණො අරන් දාමු. උන් ඉන්නකොට ඔයාගේ ඔළුව කහනවනේ"
" නෑ අම්මේ කළු උකුණෝ නෑ. උන් දැන් සුදුයි. මම නානවනේ හැමදාම ෂැම්පෝ දාලා" කියපු මලිත්ති අම්මා අල්ලගන්ට කලින් පැනලා දිව්වා.
******************
මලිත්තිගේ මොන්ටිසෝරි යාළුවා දිනුෂි. යාළුවා උනත් මලිත්ති ඉතින් සෙල්ලම් කරන්ට ගිහින් දිනුෂිව තල්ලු කෙරුවා. දිනුෂිත් නිකන් හිටියේ නෑ. ආපහු මලිත්තිව තල්ලු කෙරුවා. මලිත්ති ඉතින් පරාද වෙන්ට කැමති නැති හන්දා හොඳට රිදෙන්ට හයියෙන් දිනුෂි බබාගෙ කොණ්ඩෙන් ඇදලා පැනලා දිවුවා. දිනුෂි බබාට තරහ ගිහින් මලිත්ති පස්සේ එළෙව්වත් අල්ල ගන්ට බැරි උණා. එයා ආපහු අඬ අඬා පන්තියට ගිහින් ටීචර්ට මේ ගැන පැමිණිලි කලා. ටීචර් දෙන්නටම ආදරෙන් කතා කරලා රණ්ඩුව ඉවර කෙරුවත්, දිනුෂි බබාට තරහයි මලිත්තිට රිදෙන්ට පාරක් ගහන්ට බැරි උණ හන්දා.
"ඉන්නවකෝ.. අපේ තාත්තී ආවාම මම කියන්නම්කෝ ඔයා මගේ කොණ්ඩෙන් ඇද්දා කියලා. එතකොට එයාගෙන් ඔයාට හම්බවෙයි හොඳ පාරක් මට රිද්දෙව්වට" දිනුෂි ටීචර්ට ඇහෙන්නෙ නැති වෙන්ට මලිත්තිට කිවුවා උනත් ලඟ හිටිය ටීචර් මෙයාලගෙ කතාව අහගෙන හිටිය බව දෙන්නම දන්නේ නැහැ.
" ඉතින් මොකෝ.. මම බය වෙයි ඔයාලගෙ තාත්තිට හහ්..." මලිත්තිත් උත්තර බැන්ඳා.
ඒ උනත් මලිත්තිගේ හිතේ පුංචි බයක් නොතිබුණාමත් නෙවෙයි. හැමදාම දිනුෂි බබාගේ තාත්තා තමයි ඉස්සරලාම මොන්ටිසෝරියට එන්නේ දුවව එක්කන් යන්ට. මලිත්තිගේ අම්මා එන්නේ ටිකක් පහුවෙලා. ඒකට හේතුව මොන්ටිසෝරි ඉවර වෙලා මලිත්ති යාළුවොත් එක්ක සෙල්ලම් කරන්ට කැමති බව අම්මා දන්න නිසයි. අම්මා එනට කලින් දිනුෂි බබාගේ තාත්තා ආවොත් එයා කේලම කියයිද තාත්තාට? දිනුෂි බබාගේ තාත්තා සැරයි කියලානම් මලිත්ති හිතුවේ නෑ. ඒ උණත් ඉතින් එයා කැමති වේවි යැ වෙන කවුරුහරි එයාගෙ දුවට රිද්දනවාට. මලිත්තිගේ අප්පච්චි උණත් කැමති වෙන එකක් නැහැනේ වෙන කවුරුවත් මලිත්තිට රිද්දනවාට. මලිත්ති මොන්ටිසෝරිය ඉවරවෙලා වෙනදා වගේ සෙල්ලම් කරන්ටත් නොගිහින් දොරකඩට වෙලා මෙහෙම හිත හිතා පාර දිහා බලා ගෙන හිටියා. දිනුෂිත් තාත්තා එනකම් බලාගෙන හිටියේ මලිත්ති ගැන කියන්ට. ටීචර් ඈතට වෙලා දෙන්නා දිහාම බලා ගෙන හිටියා.
වෙනදා කලින්ම එන දිනුෂි බබාගේ තාත්තා අද පරක්කුයි. දැන් ලමයි හුඟ දෙනෙක් ගෙවල් වලට ගිහින්. ඈත බලන් ඉන්න මලිත්තිට පෙණුනා අම්මා ගේට්ටුවෙන් ඇතුළු වෙනවා. එයා එක පාරට දිනුෂි දිහා බලලා
" හූ හූ කෝ ඔයාගෙ මහ ලොකු තාත්තා. කිව්වද ඉතින් තාත්තට. අද එයා එන්නෙත් නෑ වගේ ඔයාව එක්කරගෙන යන්ට. ඉන්ටකෝ අන්න අපේ අම්මා එනවා මම කියන්නම් එයාට ඔයා ගැන" කියල එකදිගටම කියාගෙන ගියේ දිනුෂි බබාට ඔච්චමට වගේයි.
වට පිට බලපු දිනුෂි බබාට කර ගන්ට දෙයක් නැති උණා. එයාටත් හිතුණෙ තාත්තට එයාව අද අමතක වෙලා කියලයි. මලිත්ති කියපු දේවල් වලට උත්තරයක් නොතිබ්බ හන්දා දිනුෂි බබා හය්යෙන්ම අඬන්න පටන් ගත්තා.ටීචර් දුවලා ඇවිත් එයාව වඩා ගත්තෙ සැනසිලි බස් කියමිනුයි. ටීචර් මලිත්තිගේ අම්මට වෙච්ච දේ කියද්දිම දිනුෂි බබාගේ තාත්තාත් එතනට ආපු නිසා ආයෙම සැරයක් මුල ඉඳන්ම කතාව පටන් ගත්තා.
මලිත්තිගේ අම්මාවත්, දිනුෂි බබාගේ තාත්තාවත් දරුවෝ දෙන්නට මොකුත් නොකිව්වත් දෙන්නම පිට පනින්ට ආපු හිනාව තද කරගෙන ඉන්නවා කියලා ටීචර්ට තේරුණා. මලිත්තිගේ අම්මා නම් කතාව කියලා හිතේ හැටියට හිනාවුනේ අත්තම්මලාගෙ ගෙදරදියි.
" මේකිගෙ කට තමයි කට" අත්තම්මා කිව්වේ එච්චරයි හැබැයි තරහින් නෙවෙයි.
Labels:
මලිත්තිගේ කතන්දර
Subscribe to:
Post Comments (Atom)
අනේ මේ අහිංසක මලිත්තිගේ චරිතේ ඝාතනය කොරන්ට එපා අප්පා..
ReplyDeleteහික්ස්...අදත් වෙනදා වගේම හිනා ගොඩයි..
හරිම සුන්දරයි කතාව...මේකේ දෙවැනි කොටසක් ගැනත් යම් අදහසක් මගේ ඔලුවට ආවා.. බලන්න ඒ ගැනත් හිතලා..
ReplyDeleteපොඩි අයගේ පුංචි පුංචි රණ්ඩුත් සුන්දරයි... මලිත්ති කටෙන් වැඩ ගන්න දන්නව වගේ...
ReplyDeleteMata mage akkage babala denna mathak una..eyalage wali beranne mama thamai..den eyala lokui.anika goda kalakin dekalath nehe...issara wage huru buhuti katha ne..thawa tika kalakin amathaka welama yawi..eelawakata hithenawa lamai podi widihatama innawanam kiyala..
ReplyDeleteපුංචි උන්ගේ ලෝකෙ කොච්චර ලස්සනද..
ReplyDeleteඅයෙත් පොඩි කාලෙට යන්න තියෙනවනම්.....!
ReplyDeleteහා හා මේ කතා ටික එකතු කරල පොඩි පොතක් පබ්ලිශ් කළොත් නියමයි.අපූරු කතා ටික.අන්තිම කතාවෙදි මටත් මගෙ මොන්ටිසෝරිය මතක් වුණා.
ReplyDeleteමං ඉස්සර ඕන වලියක් දාගෙන ඇවිත් හැංඟෙන්නෙ අපේ අම්මගෙ සාරි පොට අස්සෙ. වෙලාවට මං ගියපු ඉස්කෝලෙටමයි අම්මත් ඉගැන්නුවෙ. ඉතිං මං තමයි චණ්ඩියා.
ReplyDeleteලස්සන වෙබ් අඩවිය සුදු දුවේ. ඔයාට කව්රුහරි උදව් කරනවාද මේක කරන්න. නැතිනම් ඔයා වගේ පැංචියකට අමාරුයිනේ මේක කරන්න තනියම. කොහොම වුනත් ඔයා යන මේ ගමනට මම මගේ උනුසුම් සුබ පැතුම් පිරිනමන්න කැමතියි. ඔනේ වුනොත් තාක්ෂණ උපදෙසක් මගේ 0718064226 කොල් කරලා අහන්න.
ReplyDelete@ සිහින
ReplyDeleteපුංචි උන් ඔහොම තමා :D
@ නලීන්
මේකෙ කතා ගොඩක් තියෙනවා " මලිත්තිගෙ කතා " ලේබල් එක යටතේ. බලන්නකෝ
@ චන්දන
ආයෙත් අහලා.. :)
@ ටික්කා..
ReplyDeleteමටත් සමහර වෙලාවට එහෙම හිතෙනවා අප්පා..
@ සරත්
පුන්චි උන්ගෙ හිත් පිරිසිදු කඩදාසියක් වාගේ කියනවනේ. වැඩිහිටියො තමයි ඒ ලෝකේ කිළුටු කරන්නේ
@ දර්ශන
කොච්චර හොදඳ එහෙම පුලුවන් නම් නේද? :(
@ වර්ෂා
ReplyDeleteහා හා ඔයත් දඟයි වගේ පොඩි කාලේ :D
@ යසිත්
එහෙනම් ඉතින් මොකෝ. අම්මට තමයි කරදරේ තියෙන්න ඇත්තේ..
@ සුජිත් මහත්මයා
ReplyDeleteසුජිත් මහත්මයාට ටිකක් පැටලිලා වගෙයි. මම මේ කතා ලියන ලේබල් එක විතරයි " මලිත්තිගෙ කතා " කියලා කියන්නේ. මේ වයසේ පුංචි දුවෙක් මටත් ඉන්නවා. හැබැයි ඉතින් මේ තරම්ම කටකාර නෑ එයා. :)
හානේ මට වැරදුනා සමාවෙන්න
ReplyDelete