හුඟ දවසකට පස්සෙ අදයි නිවාඩු පාඩුවේ බ්ලොග් එකට ගොඩ වෙන්න ලැබුනේ. පහුගිය දවස් වල රාජකාරි කටයුතුයි, පුද්ගලික දේවල් වලටයි විතරක් හිත යොදවන්න සිද්ධ උන නිසා හිතේ ගොඩගහගෙන හිටපු එක දෙයක් වත් ලියාගන්න බැරි උණා.
ඒත් ඉතින් සතියකට සැරයක් වත් ඇවිත් අනිත් අයගෙ බ්ලොග් වල තියෙන දේවල් කියවන එක නම් මට නොකර ඉන්ට බැරි උණා.ඒත් ඉතින් කොමෙන්ට් කරන්න නම් වෙලාවක් තිබුණෙ නෑ. මම නැති අතරෙ හුඟක් දේවල් සිද්ධ වෙලා. ඔබා මාමා අපි ඔක්කොමලා දාල යන්නම ගිහිල්ලා.මම හුඟක් ආසාවෙන් බලපු බ්ලොග් එකක්. ඒ වගේම හුඟක් හොඳ මනුස්සයෙක්. හිතේ හරි කණගාටුවක් තියෙනවා ඔහුව මතක් වෙද්දි.
පහුගිය දවස්වල කියවන්න වෙලාවක් නැතුව මග හැරුණු බ්ලොග් හුඟාක් තියෙනව. දැන් ඉතින් ටිකක් විතර වෙලාව තියෙන නිසා නිවාඩු පාඩුවේ ඒවා කියවන්නත් ඕනෙ.හිතේ එක එක විදියෙ කතන්දර ගොඩකුත් ගොඩ ගහගෙන ඉන්නවා පුලු පුලුවන් වෙලාවට ලියන්නත් ඕනෙ. මම මේ දැන් කියන්න හදන්නෙ අපේ ඔෆිස් එකේදි කෑම කන වෙලාවෙදී මගෙ යෙහෙළියක් කිවුව කතාවක්.
මගේ යෙහෙළිය මධු. එයාගෙ ස්වාමි පුරුෂයා දිනෙත්. ඒ ගොල්ලන්ගෙ ගෙවල් පැත්තෙ ඉන්නවා කැඩුම් බිඳුම් වෙද මහත්තයෙක්. එයා පළාතෙ ටිකක් ප්රසිද්ධ නිසා හුඟ දෙනෙක් එනවා දුර බැහැර ඉඳළත් ප්රතිකාර ලබා ගන්න. හැබැයි වෙද ගෙදරට යන්න බස් පාරෙ ඉඳන් ටික දුරක් තියෙනවා. බස් එකෙන් බහින තැනම ත්රීවීල් පාක් එකක් තියෙනවා. දුර ඉඳන් එන හුඟ දෙනෙක් බස් එකෙන් බැහැලා ත්රීවීල් එකක් හයර් කරගෙන තමයි වෙද ගෙදරට යන්නෙ.දිනෙත්ගෙ ඔෆිස් එක තියෙන්නෙ ගෙදර ඉඳලා මීටර් සීයක් විතර දුරින්. වැඩ ආරම්භ වෙන්නෙත් නවයට නිසා දිනෙත් උදේ ඔෆිස් යන්න කලින් පැයක් දෙකක් ත්රීවීල් පාර්ක් එකට ගිහින් හයර් යන්න පුරුදු වෙලා හිටියා.
පහුගිය දවසක කිලෝ මීටර ගානක් දුර බැහැර ඉඳලා අම්මෙකුයි දුවෙකුයි බෙහෙත් ගන්න ඇවිත් තිබුණා.දුව ලෙස්සලා වැටිලා අත පැනලා. ඒකට බෙහෙත් බඳින්නයි ඇවිත් තිබුනේ. කොහොම කොහොම හරි දිනෙත් වෙද ගෙදර ලඟට මේ දෙන්නව ඇරලලා එන්න ලෑස්ති වෙද්දී මේ දෙන්නා දිනෙත්ගෙ ෆෝන් නම්බර් එකත් ඉල්ල ගත්තලු ආපහු එඩ්ඩිත් කතා කරන්නම් කියලා. හුඟක් වෙලාවට මෙහෙම එන අය ආපහු එන්නෙත් ඒ වීල් එකේම නිසා නම්බර් ඉල්ල ගන්න හින්දා දිනෙතුත් දෙපාරක් හිතන්නෙ නැතුව ෆෝන් නම්බර් එක දීලා. ඔෆිස් එකට ගිහින් වැඩ කරකර ඉද්දි උදේ දහයට විතර එනවලු කෝල් එකක්. කවුද කියල බලද්දි උදේ හයර් එක ගිය ගෑණු ළමයා. මෙහෙමයි දෙබස
ගෑණු ළමයා : අය්යේ මෙහෙ හරි රස්නෙයිනෙ. පෝලිම හුඟක් ඉන්නවා ලෙඩ්ඩු බෙහෙත් බඳින්නත්....
දිනෙත් : ඉතින්.....
ගෑණු ළමයා : අනේ මට හරි තිබහයි.කොකා කෝලා එකක් ගෙනත් දෙන්න බැරිද ඔයාට?
දිනෙත් : නංගි මම ඔෆිස් එකේ ඉන්නෙ.මට නම් එන්න වෙන්නෙ නෑ.
එහෙම කියලා දිනෙත් ෆෝන් එක කට් කළාලු. ඊට පස්සෙ ඉතින් දෙක හමාරට විතර ආයෙ එනවලු ඒ නම්බර් එකෙන්ම කෝල් එකක්. උත්තර නොදී ඉන්නත් හදලා , ආපහු එන්න ද දන්නෙ නැහැ කියලා හිතලා දිනෙත් ෆෝන එක ආනසර් කළේ එහෙමනම් වීල් පාර්ක් එකේ වෙන කෙනෙක්ව එතෙන්ට යවන්නම් කියලා හිතාගෙනමයි.
ගෑණු ළමයා : අය්යේ මගෙ අතට බෙහෙත් බැන්දා.හරි රස්නෙයිනෙ.දාඩියයි හොඳටම අතත් රිදෙනවා. ඔයාට ටිකක් ඇවිත් යන්න බැරිද?
දිනෙත් : නංගි මම ඔෆිස් එකේ ඉන්නෙ.මට නම් එන්න වෙන්නෙ නෑ. ඔයාල ආපහු එන්න වෙන්න වෙති කියලා හිතලයි මම ගත්තේ. එන වෙලාව කියන්න මම වෙන වීල් එකක් එවන්නම්
ගෑණු ළමයා : අනේ නැහැ අය්යෙ. පුලුවන් නම් ඔයා එන්නකෝ.ඔයා ආවනම් මට පවන් ටිකක් හරි ගහ ගන්න තිබ්බා.
දිනෙත් : *@%**&#@!......
දිනෙත් ගෙදර ගිහින් මේ කතාව මධූට කියලා කිවුවේ " මෙයා අපේ වීල් පාර්ක් එකේ හොඳ එකෙකුට අහුවෙන්නයි තිබ්බෙ. එහෙනම් ඔය අමාරුව යන්න පවන් විතරක් නෙවෙයි වෙන වෙන ඒවත් ගහ ගන්න තිබ්බා " කියලයි.
කතාව අහලා අපිට හිනාව නවත්ත ගන්න බැරි උණා. ඒත් ඉතින් අපි හිනා උණාට දිනෙත් කියපු කතාව කොයි තරම් දුරට ඇත්තද කියලත් හිතන්න වටිනවා. අමාරුවේ වැටෙන හුඟක් ගෑණු ළමයි අමාරුවේ වැටෙන්නේ විහින්මයි.ඊට පස්සෙ ඉතින් පිරිමින්ට විතරක් දොස් කියලා වැඩක් නෑ. තනි අතින් අප්පුඩි ගැහුවට මහ සද්දෙට අප්පුඩි ගහන්න බැහැනේ නේද..................?
kathawa atta.godak kello wada waraddaganne othanin.punaragamanayata suba pathum.digatama liyana haki wewai pathanawa.
ReplyDeleteසම්පූර්ණයෙන්ම එකගයි.. දිනෙත් කියන විදිහට හොද කෙනෙක් උන නිසා හොදයි... නැත්නම්..
ReplyDeleteපුදුමයි..මට නම් හිතාගන්න බැහැ..මෙහෙමත් අය ඉන්නවද කියලා..
ReplyDeleteඇත්ත.. මීටත් වඩා දේවල් වෙනවා.. කොහොම උනත් හොඳ පෝස්ට් එකක්..
ReplyDeleteම්ම්ම්ම්...දිනෙත් ඇහැට කනට පේන් ඉලන්දාරිය වෙන්න ඇති
ReplyDeleteකාලේකින් තරුගේ පෝස්ට් එකක් දැක්කේ.... දැන් දිගටම ලියයි මං හිතන්නේ
අක්කියා කාලෙකින්.. හොදයි ආව එක..:D
ReplyDeleteහික්ස්ස්.. මරුවැඩේ තමා ඒකත්... අර කිව්වත් වගේ, දිනෙත් හැන්ඩියා වෙන්න ඇති
අප්පුඩි කතාව නම් ්ඇත්ත..
ReplyDeleteහම්ම්...
ReplyDeleteඔව්... දිනෙත් හැන්ඩියා වෙන්න ඇති. ඒත් ඉතිං අදුනන්නේ නැති අයට මෙහෙම කෝල් කරනවද...
කතාව සහතික ඇත්ත ය....
ReplyDeleteසහතික ඇත්ත. දිනෙත් වගේ කෙනෙක්ට අහුවුන හින්ද ඔයින් ගියා. වෙන කාට හරි අහු වුනා නම් ඉතින් උසාවියේ, පොලිසියේ තවත් පිටුවක් නඩුවකට වෙන්වෙයි.
ReplyDeleteසමහර විට කෙල්ල සැලසුම් සහගත මංකොල්ලකාරියක්ද දන්නේ නෑ. කොල්ලව රවට්ටලා වාහනේ, සල්ලි, පැහැර ගන්න දාපු ප්ලැන් එකක්ද දන්නේ නෑනේ. අර විදිහටමත් හිතන්න හොඳ නෑ.
ReplyDeleteමම මොකුත් නොකියමි.. :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
@ අවතාර්
ReplyDeleteස්තූතියි. මම හිතන්නෙ ඔයා මගෙ බ්ලොග් එකට ආව පළවෙනි වතාව මේ. සාදරයෙන් පිළිගන්නවා.
@ දිනේෂ්
ඔව්, දිනෙත් ඇත්තටම හොඳ කෙනෙක්.....
@ නිම්ෂා
අපෝ ඕනෙ තරම් ඉන්නවා.
@ලොක්කය්යා
ඔයා හරි.
@ මී ගොඩයා
ඇහැට නම් පේනවා. ඒත් කණට පේන්නේ කොහොමද??
@ හිතූ & නෙත්පානි..
ReplyDeleteඔව්.. දිනෙත් හැන්ඩියා තමා. ඒත් ඉතින් මොන තරම් හැන්ඩි උනත් මෙහෙම දේවල් කරනවද කෙල්ලෝ?
@ මධුරංග
ස්තූතියි..
@ පැතුම්
ඔව් වෙන්නත් පුලුවන්...
@ අඩවි රජ
එසේම වේවා මහරජ......මොකුත් නොකියපු එක හොඳයි. ඒත් මොනා හරි කිවුවනම් වැඩිය හොඳයි....
@වර්ණා
:)
එ ළමයට මගේ නම්බර් එක දෙන්න ,මම පවන් ටිකක් ගහලා දෙන්නම් කාගේ උනත් දරුවෙක්නේ පවුනේ ....
ReplyDeleteමමත් අදමයි ආවේ....දැන් ඉතින් ආයි එනවමනේ...
ReplyDeleteසමහර විට ඒ කෙල්ලේගේ උගුලක් වෙන්නත් බැරි නැහැ.
ReplyDeleteපොතක් පත්තරයක් බලන්නෙ නැති, ලෝකෙ වෙන දේවල් නොදන්න හරකියෙක් ...!
ReplyDeleteඒ ගෑණු ළමයාගේ අතේ විතරක් නෙමේ මොළෙත් අමාරුවක් තිබුණු පාටයි :P
ReplyDelete